slc
logo
Home   |    News
අගෝස්තු 19, 2019
ජයග්‍රාහී මානසිකත්වය දිගටම ගෙන යමු

Sri Lanka Cricket

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන යන එම මානසිකත්වය ඉදිරියට පවත්වා ගෙන යාම වත්මන් යුගයේ අවශ්‍යතාවයවේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ලංකා කණ්ඩායම මේ වසර ආරම්භයේදී දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 2-0 කින් ජයගෙන් ආරම්භවු මේ ගමනේ දී එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් ජයගෙන සාර්ථකත්වයට පත්වීමත් පසුව ශ්‍රී ලංකාවේ දී එක්දින තරග 3-0කින් බංග්ලාදේශය පරාජය කිරීමත් වාර්තාවිය.

තරග 2 කින් සමන්විත වන නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ගාල්ලේ ප්‍රථම ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමෙන් පසු මේ ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කොහෙත්ම පරාජයක් අත්වන්නේ නැත. අවශ්‍ය වන්නේ කොළඹ දෙවැනි ටෙස්ට් තරගයත් ජයගෙන තරගාවලිය 2-0කින් ජයගැනීමය.

ප්‍රථම ටෙස්ට් තරගායේ ජයග්‍රහණය පිළිබදව විමසුවිට නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ ජයග්‍රාහී මානසිකත්වයකින් කණ්ඩායම් හැගීමකින් ක්‍රීඩා කිරීම ඊට මුල් බවය. මා සියලුම ක්‍රීඩකයනට සම්පූර්ණ නිදහස දී තිබෙනවා.ඔවුන් සැහැල්ලුවෙන් සතුටින් තම උපරිමය කණ්ඩායමට සපයනවා යැයි දිමුත් කීවේය.දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය පිළිබදව අදහස් දැක්වු ශ්‍රී ලංකා නායකයා, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් පිතිකරණයේත් සුරංග ලක්මාල් තුන් ඉරියව්වේත් දග පන්දු යවන අකිල ධනංජය ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා පන්දු යැවීමේදී පෑ දස්කම් මීට බොහෝ සෙයින් බලපෑ බවය. අපගේ පන්දු රැකීමද විශිෂ්ට තත්ත්වයක පැවතුණා. ජයග්‍රහණයට මා හට ශතකයකින් දායකවීමට ලැබීම ගැන සතුටුයි යැයි දිමුත් කීය.

වසර ආරම්භයේ සිට මේ දක්වාම සාර්ථක ගමන් මගක පැමිණි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්ත සංචාරයෙන් පසුව තවත් තරගාවලි දෙකකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානය සමග එරට දී හෝ ඩුබායි හි තරගාවලියක් පිළිබදව දැනට සාකච්ඡා මට්ටමක පවතින අතර වසර අවසානයේ ඕස්ට්‍රේලියාව සමග 20-20 තරගාවලියකටද සහභාගිවේ. එම 20-20 තරග තුන පැවැත්වෙන්නේ ඔක්තෝබර් 27 ඇඩිලේඩ් ඔක්තෝබර් 30 ගැබා බ්‍රිස්බේන් සහ නොවැම්බර් 1 වැනිදා මෙල්බර්න්හි දීය. මේ 20-20 තරග පැවැත්වනුයේ ලබන වසරේ ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙරහුරු තරග ලෙසිනි.

වසර කිහිපයක්ම අසාර්ථක වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් තරග ජයගැනීමේ මාවතට පිවිස සිටී. අවශ්‍ය වන්නේ එය දිගටම පවත්වාගෙන යාමය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • සිංහ – කිවි ප්‍රවේශපත්‍ර ගන්න මේ විදිහට කරන්න
    නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 සහ එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා […]
  • නාවික හමුදාවෙන් අර්ධ ශතක 3 ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අද (04) වැලිසර දී පැවැති නාවික හමුදාව සහ ටැමිල් යුනියන් අතර තරගයෙන් නාවික හමුදාව […]
  • ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර […]
  • වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි
    වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය […]
  • ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් වටයට
    හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව හෙට දෙවැනි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee