slc
Home   |    News
අගෝස්තු 19, 2019
තරුණ දක්ෂයින් මතුවිම අනාගතයට සුබ පෙර නිමිත්තක් – කොළඹ ප්‍රධාන පුහුණුකරු කියයි

Sri Lanka Cricket

අන්තර් පළාත් ක්‍රිකට් අවුරුදු 19න් පහළ තරගාවලියේ සූරතාව දිනාගත් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනෙකුම ශ්‍රී ලංකා ජාතික සංචිතවලට ඇතුළත් වනු ඇතැයි පවසන එහි ප්‍රධාන පුහුණුකරු ජීවන්ත කුලතුංග මෙවැනි දක්ෂ තරුණ ක්‍රීඩකයන් මතුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබ පෙර නිමිත්තකැයි ද පවසයි.

ඩිල්මින් රත්නායක, අහං වික්‍රමසිංහ, කමිල් මිෂාර, චමිඳු විජේසිංහ, මොහොමඩ් ෂමාස් සහ ප්‍රවීන් සිල්වා වැනි ක්‍රීඩකයන් සහජ දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩකයන් බව පවසන ජීවන්ත කුලතුංග අවශ්‍ය වන්නේ ඔවුනගේ දක්ෂතා ඔපමට්ටම් කර අතහිත දීම පමණකැයි ද කීය.

ක්‍රිකට් ආයතනය 19න් පහළ අන්තර් පළාත් තරගාවලිය සංවිධානය කිරීම වැදගත් වන්නේ දිවයින පුරා විසිර සිටින පාසල් ක්‍රීඩකයන් 4000ක් අතුරින් කිසිවකු මග නොහැරී දක්ෂතම පිරිසට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙයින් අවස්ථාවක් උදාවන හේතුව මතය. රූපවාහියෙන් තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබාදීම, තරු හෝටල නවාතැන්, ඉස්තරම් බස්රථවල ගමනාගමනය පහසුකම්, පෝෂ්‍ය ආහාර පාන, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හා උසස් තණතිලිවල ක්‍රීඩා කිරීමට අවස්ථාව සැළසීම වැනි ජාත්‍යන්තර පහසුකම් පාසැල් ක්‍රීඩකයන් යැයි නොසිතා සපයා දීම අගය කළ යුත්තකි. එසේම මිත්‍රත්වය හා කණ්ඩායම් හැගීම දියුණු කර ගැනීමට තරගාවලිය අතරතුර විවේකයේදී බාහිර කටයුතුවල (ක්‍රීඩාවෙන් බැහැරව) නිරතව විනෝදවීමට අවස්ථාව ලබාදීමද වැදගත්වේ. කැළණිය ගුරුකුල විදුහලෙන් පැමිණි වමතින් වේගපන්දු යවන ප්‍රවීන් සිල්වා වැනි ක්‍රීඩකයන්ට දීප්තිමත් අනාගතයක් තිබෙනවා. කවිඳු දිනෙත් සමරවීර සහ ෂෙවොන් ඩැනියෙල් වැනි වසර 15-17 අඩු වයස්වල ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබීමද වැදගත්.

ඒ අතරම දුර්වල අංශ දෙක තුනක් ද තමා දුටු බව ජීවන්ත කුලතුංග පවසයි. යෝ-යෝ ව්‍යායාම අසමත් වු දක්ෂම ක්‍රීඩකයන් ආපසු යවා තිබුණා.මාසයක් එකහමාරක් වැනි කාල ඔවුන් එළියේ තැබීම පාඩුවකි. මාසයක් වැනි කාලයකින් ඔවුන් නැවත යථා තත්ත්වයට ගැනීමට අපට පුළුවනි. එසේම සමහර ක්‍රීඩකයන් සතුව තිබු අත් ආවරණ, ක්‍රිකට් පිති, පා ආවරණ ආදිය නුසුදුසු ඒවායි. අප මෙවැනි අඩුපාඩුකම්ද ඉදිරියේදී සකසාගත යුතුව ඇතැයි ජීවන්ත කුලතුංග කියයි.

කොළඹ කණ්ඩායමේ කළමණාකරු දිල්රන් අබේසේකර ප්‍රකාශ කළේ 19න් පහළ තරගාවලිය අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට යහපත් අඩිතාලමක් බවය. කවදාවත් නොදුටු දක්ෂතා ඇති අයට මෙයින් අවස්ථාව උදාවුවා. මෙවැනි තරගාවලි වාර්ෂිකව සංවිධානය කිරීමෙන් සැඟව සිටින දක්ෂයනටද අවස්ථාව උදාවනවා. ඩිල්මින් රත්නායක වැනි ක්‍රීඩකයන් තරග වෙනස් කිරීමට පවා දක්ෂතා ඇති අයයි. ඔහුට තවත් වසර දෙකක් ක්‍රීඩා කළ හැකියි. අහං වික්‍රමසිංහත් එවැනිම අයෙක්.වාර්ෂිකව මෙවැනි තරගාවලි සංවිධානය කිරීම ඉතා වැදගත් හා කාලෝචිත වන්නේ යැයිද හේ කීවේය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest