slc
Home   |    News
අගෝස්තු 26, 2019
දැන් පීඩනය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි – ටොම් ලෙතම්

Sri Lanka Cricket

සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පීඩනයකට පත්කර තරගයේ වාසිය අප වෙත ලබාගැනීමට මෙදින සවස්වරුවේ කොලින් ඩි ග්‍රැන්ඩ් හෝම් (නොදැවී 83) ක්‍රීඩාකළ ආකාරයෙන් අපට ලකුණු 138ක් ඉදිරියෙන් සිට ප්‍රබලම තත්ත්වයකට ඒමට අවස්ථාව  උදාවුයේ යැයි නවසීලන්ත මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 154ක් රැස්කර කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආ ටොම් ලෙතම් ප්‍රකාශ කරයි.

දැන් පවතින ඉතාමත් අයහපත් කාලගුණික තත්ත්වය මත අවසාන දිනයේ (26) කුමන වේලාවක අපගේ ඉනිම නතර කර ශ්‍රී ලංකාවට දෙවන ඉනිම ලබාදීමට හැකිවේදැයි කීම අපහසුයි. එත් දැන් අප ඉන්නේ ශ්‍රී ලංකාව පිඩනයට ලක්කර අපට ඉක්මණින් තව ලකුණු කිහිපයක් අවශ්‍යව තිබෙන අවස්ථාවක යැයි ලෙතම් පවසයි.

තණතිල්ල දගපන්දු යවන්නන්ට වාසිදායකයි. ශ්‍රී ලංකා දගපන්දු යවන්නන් අලුත් පන්දුවෙන් පන්දුව දග කැව්වා. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී අපට කළින්ම කඩුලු දෙක තුනක් දවා ගැනීමට අවස්ථාව ලැබුණොත් මේ තරගයේ වාසිය අපට ලබාගන්න පුළුවන්. මේ සියල්ල තීරණය කරන්නේ පවතින දේශගුණික තත්ත්වයයි. මෙවැනි අවස්ථාවලට තමා මීට පෙර ද මුහුණු දී ඇතැයි ලෙතම් කියයි.

නවසීලන්තය කඩුලු හතරකට ලකුණු 126ක් පමණක් ලබා සිටියදී ලෙතම් හා බී.ජේ.වොට්ලින් (නොදැවී 81) පස්වන කඩුල්ලට ඕවර 43කදී ලකුණු 143ක් රැස්කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

1992 අප්‍රේල් 02 වැනිදා උපත ලද ටොම් ලෙතම් වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින්නකු ලෙසද නම් දරා සිටින්නෙකි. මොහු නවසීලන්තයේ හිටපු ක්‍රීඩක රොඩ් ලෙතම්ගේ පුත්‍රයාය.

දැඩි ඉවසීමකින් ඉනිම ගොඩනගන්නෙකු ලෙස මොහු ප්‍රචලිතය. රොස් ටේලර්ගේ පළපුරුද්දත් ටොම්ගේ ඉවසීමත් නවසීලන්ත කණ්ඩායම වාර ගණනාවක්ම අසීරු අවස්ථාවන්ගෙන් ගොඩ ගෙන තිබේ. කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් මොහුට හිමිවූයේ බ්‍රෙන්ඩන් මැක්ලම් විශ්‍රාම ගැනීමෙන් පසුවය.

27 හැවිරිදි ටොම් ලෙතම් ටෙස්ට් තරග 45කට සහභාගිවී ඉනිම 79කදී ලකුණු 3347ක් ලබාසිටින්නේ ඉනිමක 44.07ක් වැනි ඉහළ සමාන්‍යයක් සහිතයි. ටෙස්ට් ශතක දහයක් හා අර්ධ ශතක 15ක්ද මොහු රැස්කර සිටී. ටොම් ලෙතම් නවසීලන්ත එක්දින සහ 20-20 කණ්ඩායම්වලද නිත්‍ය සාමාජිකයෙකි.

එක්දින තරග 95කදී ඉනිම 88ක් ක්‍රීඩාකර ලකුණු 2550ක් ලබා සිටින්නේ ශතක හතරක් සහ අර්ධ ශතක 15ක් සමගය. (සාමාන්‍ය 32.28යි) 20-20 තරග 13දී හේ ලකුණු 163ක් රැස්කර සිටී.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest