slc
Home   |    News
අගෝස්තු 9, 2019
නවසීලන්තයට එරෙහි ටෙස්ට් සටනට යන අවසන් 15 දෙනාට චන්දිමාල් කැඳවයි

Sri Lanka Cricket

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 15 දෙනා අතරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම නවසීලන්ත තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 22 කුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල තේරීම් කමිටුව පියවර ගනු ලැබීය. චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර මුල පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් එම සංචාරයේදී චන්දිමාල් කටයුතු කරනු ලැබුවද ක්‍රීඩා කරන ලද ඉනිම 4 දීම ඔහුට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 24 ක් පමණි.

මෙම තත්ත්වය මත අනතුරුව පැවැති දකුණු අප්‍රිකානු සංචාරයට සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල් ඇතුළත් නොවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 53 කට සහභාගිවී ඇති චන්දිමාල් මුලු ලකුණු 3768 ක් රැස් කරගෙන සිටියි. ශතක 11 ක් සහ අර්ධ ශතක 17 ක් ඇතුළත් චන්දිමාල්ගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.86 ක් ලෙසින් සටහන් වේ. අවසන් 15 දෙනා අතරට නම් කර ඇති චන්දිමාල් මේ වන විට විස්සයි/20 තරගාවලියකට සහභාගිවීම සඳහා කැනඩාව බලා ගොස් සිටියි.

චන්දිමාල්ට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඇතිවූ ගැටළුවක් මත වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත්ව සිටි අකිල ධනංජයවද අවසන් 15 දෙනා අතරට කැඳවා තිබේ. ඉකුත් 2018 වසර අගදී එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව සනාථ වීම නිසා වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට අකිල ධනංජයට සිදුවිය. ටෙස්ට් තරග 5 කදී කඩුලු 27 ක් දවා ගෙන සිටින අකිල සිය පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල කර ගැනීමෙන් පසු ටෙස්ට් තරග අංශයට තේරී පත්වූ පළමු තරගාවලිය බවට පත් වන්නේ නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියයි.

අකිලට අමතරව කණ්ඩායමට කැඳවා ඇති අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන්නේ ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියයි. වමතින් දඟ පන්දු යවන ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ වේග පන්දු යවන්නන්ට උචිත දකුණු අප්‍රිකානු තණතීරුවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest