slc
logo
Home   |    News
අගෝස්තු 7, 2019
පුහුණුකරු තනතුරේ වෙනස ගැන ක්‍රිකට් සභාපති කරුණු පහදයි

Sri Lanka Cricket

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු තනතුර සඳහා රුමේෂ් රත්නායක මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එළැඹෙන නවසීලන්තය සමඟ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කවුරුද යන්න අද (07 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගෙන් මාධ්‍ය කරන ලද ප්‍රශ්න කිරීමකදී  “අන්තර් පුහුණුකරු හැටියට රොමේෂ් රත්නායකව අපි පත් කළා”යි සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි වත්මන් ක්‍රිකට් සභාපතිවරයා, තිරය පිටුපස සිට ගනු ලැබූ යම් යම් තීන්දු තීරණ හේතුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ නමුත් එසේ ගනු ලැබූ ඇතැම් තීරණ මාධ්‍ය හමුවේ අනාවරණය කළ නොහැකි බවද සදහන් කර සිටියේය. මේ සියළු තීන්දු තීරණ ගනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

 “ඇත්තටම ඔබලා දන්නවා අපි බලයට එන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා වැඩි කාලයක් ඉතිරි වෙලා තිබුණේ නැති බව.  අපිට ඇත්තටම ඉතිරි වෙලා තිබුණේ මාස 2 කටත් අඩු කාලයක්. පුහුණුකරු වෙනස් කිරීම සම්බන්ධව කළින් කටයුතු කරන්න උවමනා වෙලා තිබුණ නමුත් ලෝක කුසලාන තරගාවලිය අත ලඟ නිසා හිටපු පුහුණුකරුවම ඒ සඳහා යොදා ගැනීමට සිදුවුණා”.

“ඔබලා දන්නවා අපිට ශ්‍රී ලංකාවෙදි අවුරුදු 3 කුත් මාස 8 කදි තරගාවලියක් දිනන්න නොහැකි වුණා.   නමුත් අපි පසුගිය තරගාවලිය ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අපි තිරයෙන් පිටුපස ගොඩක් දේවල් කළා. ඒ ගත්තු සමහර තීරණ අපිට මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියන්න බෑ. අන්න එහෙමයි අපි සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ. අපි මේ සියළු තීරණ තීන්දු ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් මිසක් වෙන දේකට නොවෙයි” යැයි ශම්මි සිල්වා මහතා කරුණු දැක්වීය.

හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වූ පුහුණුකරු තනතුර සඳහා පත්ව සිටින රුමේෂ් රත්නායක මහතා මීට පෙරද 2011 වසරේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. 55 වැනි වියේ පසුවන රුමේෂ් රත්නායක මහතා ටෙස්ට් තරග 23 කදී සහ එක්දින තරග 70 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ඒ අනුව ලබන 14 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ භුමිකාව රුමේෂ් රත්නායක මහතා විසින් සිදු කරනු ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee