slc
Home   |    News
අගෝස්තු 9, 2019
විලියම්සන්ගේ උපන්දින සැමරුමේ නොපෙනුණු ඇත්ත

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම රසිකයින් බවට පත්ව සිටින සුවහසක් වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින් ක්‍රීඩා පිටියේ මහත්මා ගුණ ඇත්තවුන්ට ලබා දුන්නේ ලොකු ගෞරවයක් සහ ආදරයක්. ඒ නිසා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නිහතමානී නායකයකු ලෙසින් සැලකෙන නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අපේ ක්‍රීඩා ලෝලීන් දක්වනු ලබන ආදරය සහ ගෞරවය ගැන කියන්න දෙයක් නැහැ. මේ අපූරු නායකයාට ක්‍රීඩා ලෝලීන්ගේ වූ ඒ අසීමිත ගෞරවය සහ ආදරය ප්‍රායෝගිකව පෙන්වන ලද අපූරු අවස්ථාවක් අපිට ඊයේ දිනයේදී දැක ගැනීමට හැකි වුණා. ඒ කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබුණු තුන් දින පුහුණු තරගයේ පළමු දිනය අතරතුර.

විලියම්සන්ගේ 29 වැනි උපන් දිනය යෙදිලා තිබුණ ඊයේ දවසේ තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් පිරිසක් ඔහුගේ උපන් දිනය සැරසීමට කටයුතු යොදා තිබුණා. ඒ වෙනුවෙන් කේක් ගෙඩියක්ද ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමට ඔවුන් අමතක කළේ නෑ. ප්‍රේක්ෂකයින් විසින් හදිසියේම ලෑස්ති කරන ලද මේ උපන්දින සාදයට සහභාගි වීමට විලියම්සනුත් අමතක කළේ නෑ. දිනයේ අවසන් සිසිල් පැන් පානයට වෙන් වූ විවේක කාලයේදී ප්‍රේක්ෂකයන් වෙත දිවගිය විලියම්සන් තමා වෙනුවෙන් ගෙනා කේක් ගෙඩියෙන් කෑල්ලක් කෑ‍වෙ කිසිම බියක් හෝ චකිතයකින් තොරව. ඒ විතරක් නොවෙයි එයින් කෑල්ලක් ගෙන එම ස්ථානයේ සිටි ක්‍රීඩා ලෝලීන්ටත් කැවීමට කටයුතු කළේ අව්‍යාජත්වයෙන්.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් අතර වූ සම්බන්ධතාවයට මානුෂීය වටිනාකමක් එක් කරන ලද අවස්ථාවක් බවට පත්වුණු එම අවස්ථාව නැරඹීම, සැබැවින්ම ඇසට කඳුලක් එක් කරන ලද සිදුවීමක් බවට පත්වුණා කිව්වොත් හරි. ඒ විතරක් නොවෙයි, මෙවන් ජාත්‍යන්තර තලයේ නායකයකු කිසිම ආරක්ෂාවකින් තොරව ප්‍රේක්ෂකයින් අතරට ගිය සිදුවීම, මෙරට ආරක්ෂක තත්ත්වය ඉහළ තත්ත්වයක තිබෙන බව පෙන්නුම් කරන ලද අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්. විලියම්සන්ගේ මහත්මා ගුණය ඉස්මතු වුණු අවස්ථාවක් වශයෙන් මෙය සැලකුවාට එහි නොපෙනන පැත්තකුත් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ලෝකයාට පෙන්වීම සඳහා මිලියන ගණන් මුදල් වියදම් වියදම් කරන මෙවැනි වකවානුවක කේක් ගෙඩියකට වැය කරන ලද පුංචි මුදලින් ඒ සඳහා දැවැන්ත ප්‍රචාරණයක්  ගෙන ඒමට එම ක්‍රීඩා ලෝලීන් හැකිවීම. හිතා හෝ නොහිතා ක්‍රීඩා ලෝලීන් සිදුකරන ලද මෙම ක්‍රියාවෙන් ලෝකයාට රැගෙන ගිය පණිවිඩය නම් මිල කළ නොහැකි බව නම් මේ අවස්ථාවේ සඳහන් කළ යුතුය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest