slc
logo
Home   |    News
අගෝස්තු 24, 2019
විස්සයි/20 නායකත්වය දිගටම මාලිංගට

Sri Lanka Cricket

විස්සයි/20 තරග අංශයේ නායකයා ලෙසින් තවදුරටත් කටයුතු කිරීමේ අවස්ථාව හිටපු නායක ලසිත් මාලිංගටම ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ටෙස්ට් තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා විස්සයි/20 කණ්ඩායමේ නායකයා ලෙසින් ලසිත් මාලිංග කටයුතු කරනු ඇත.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි/20 තරගාවලියකට සහභාගිවී ඇත්තේ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ මෙම වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියේදී වේ. ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද 15 දෙනෙකුගෙන සමන්විත විස්සයි/20 කණ්ඩායමේ මාලිංගගේ සහායකයා ලෙසින් නිරෝෂන් දික්වැල්ලව පත් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායමට තරුණ ක්‍රීඩකයින් කීප දෙනෙකුම ඇතුළත්ව සිටිති. කෙසේ වෙතත් නම් කරන ලද කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ව විවේක ගන්වා තිබීම විශේෂත්වයක් වේ. ඊට අමතරව ටෙස්ට් තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරාට මෙම කණ්ඩායමේ ස්ථාන හිමි නොවීම කැපී පෙනෙයි.

ඉකුත්දා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගාවලියට නම් කරන ලද ක්‍රීඩකයින්ගෙන් 09 දෙනෙකුම නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට නම් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේදී පිතිකරුවකු ලෙස දක්ෂතා දක්වන ලද ෂෙහාන් ජයසූරිය සහ නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේදී දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ ළහිරු මධුශංක නම් කරන ලද කණ්ඩායමට අළුතින් එකතු වී ඇති ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා විස්සයි/20 කණ්ඩායම – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්. ඉසුරු උදාන, කසුන් රජිත, ළහිරු කුමාර, ළහිරු මධුශංක.

කණ්ඩායමට අළුතින් පැමිණි ක්‍රීඩකයින් – ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, කුසල් පෙරේරා, කසුන් රජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුශංක.

ස්ථාන අහිමිවූ ක්‍රීඩකයින් – අසිත ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar