slc
Home   |    News
සැප්තැම්බර් 19, 2019
අකිලට අයි.සී.සී.යෙන් තහනමක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වන බව පවසමින් ඔහුට එරෙහිව වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීම නීති විරෝධී බව එම තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ලද මයිකල් ගෆ් සහ රිචර්ඩ් ඉලිංවර්ත් විසින් තරග තීරක ඇන්ඩි ප්‍රයික්‍රොෆ්ට් මහතාට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඔහුගේ පන්දු යැවීම පරීක්ෂණයකට ලක් කළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙරටට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව චෙන්නායි නුවර පරීක්ෂකාගාරයකදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දුන් නමුත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව අකිලගේ පන්දු යැවීම නීති විරෝධී බව සනාථ කරගෙන තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඒ පිළිබඳව ඉහත තීරණයට එළැඹුණු බව අද (19) නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තේය.

අකිලට එරෙහිව පනවන ලද මෙම තරග තහනම ලබන 2020 වසරේ අගෝස්තු මස 29 වැනිදා යින් අවසන් වනු ඇත. චෝදනා එල්ල වූ එම ටෙස්ට් තරගයේදී පළමු දිනය තුළ නවසීලන්ත පිලේ කඩුලු 5 ක් දැවී ගිය අතර එම කඩුලු 5 ම හිමිකරුවා බවට පත්වූ අකිල පළමු ඉනිමේ ලකුණු 80 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 84 කට එක් කඩුල්ලක් වශයෙන් සමස්ථ තරගයේදී කඩුලු 6 ක් බිඳ දමා ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වූවේය.

පසුගිය වසරේදී එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීද පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව චෝදනා එල්ල වූ නමුත්, එම පරීක්ෂණයෙන් සමත්වීමට අකිල සමත්විය. එම තහනමට ලක්වීමෙන් පසු අකිල ටෙස්ට් තරයකට සහභාගිවූ පළමු අවස්ථාව වශයෙන් මෙම තරගය සටහන් වීම කැපී පෙනෙයි.

තවමත් 25 වැනි වියේ පසුවන අකිල මේ වන වන විට ටෙස්ට් තරග 6 කට සහභාගිවී කඩුලු 33 ක් බිඳ හෙළා තිබේ. එක්දින තරග 36 කටද ක්‍රීඩා කර ඇති දකුණත් දඟ පන්දු යවන්නා කඩුලු 51 ක් ද විස්සයි-20 තරග 22 කදී කඩුලු 22 ක්ද දවා ගැනීමට සමත්ව සිටියි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest