slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2019
“ආරක්ෂාව ගැන සැකයක් නෑ” ළහිරු තිරිමාන්න කියයි

Sri Lanka Cricket

පාකිස්තාන ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබදව කිසිදු බියක් නොමැති බවත් සියළුම ලංකා ක්‍රීඩකයින් සැහැල්ලුවෙන් පසුවන අතර ඔවුනගේ එකම අපේක්ෂාව හොදින් දස්කම් දක්වා රටට කීර්තියක් අත්කර දෙමින් තමාගේ ස්ථානයද සුරක්ෂිත කර ගැනීම බවත් පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින නායක ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පිටත්ව යාමට පෙර ප්‍රකාශ කළේය.

පාකිස්තානයේ අපට ආරක්ෂාවක් නැතැයි අස්ථාන බියක් ඇතිකිරීමට උත්සහ කළේ අසල්වැසි රාජ්‍යයක් යැයි මා පෞද්ගලිකව විශ්වාස කරනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් රජයත් මැදිහත්වී පාකිස්තාන බලධාරීන් සමග සාකච්ඡා කර එම ප්‍රශ්නය නිරාකරණ කළ ආකාරය පිළිබඳව කණ්ඩායමම සතුටු වන බවද තිරිමාන්න සඳහන් කළේය.

පාකිස්තානයේ ඉහළපෙළේ ප්‍රභූනට සපයන ආරක්ෂාව ලංකා ක්‍රීඩකයනට ද සැපයීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පාකිස්තාන රජය නොබෝදා තීරණය කළේය. මේ අනුව ලංකා කණ්ඩායම 27වැනිදා ඇරැඹෙන එක්දින තරගාවලියට සහභාගිවීමේ අරමුණින් අඟහරුදා උදෑසන 7ට ක්‍රිකට් ආයතයෙන් කරච්චිය බලා පිටත්ව ගියේය.

නායක ළහිරු තිරිමාන්න මීට පෙරද කිහිපවරක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය උසුලා ඇත. කණ්ඩායමට නායකත්වය දෙමින් නැවත ලකුණු අතරට පිවිසීමට අවස්ථාව උදාවීම මා ලැබූ ජයග්‍රහණයකි. මාගේ දුර්වලතා (ඉක්මණින් දිවීමට තැත්කිරීම හා හරහට පන්දුවට පහරදීම) මග හරවාගෙන නැවත ලකුණු අතරට පිවිසීම අපේක්ෂා කරන බවද ළහිරු තිරිමාන්න ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27, 29 සහ ඔක්තෝම්බර් 02 යන දිනවල කරච්චියේදී එක්දින තරග තුනකටත් ඔක්තෝම්බර් 5,7 හා 9 යන දිනවල ලාහෝරයේදී 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය.

එක්දින කණ්ඩායමේ නායක 30හැවිරිදි හෙට්ටිගේ දොන් රුමේෂ් ළහිරු තිරිමාන්න එක්දින තරග 125කට සහභාගිවී ලකුණු 3158ක් (ඉනිමක සාමාන්‍ය 35) ලබා සිටින්නේ ශතක 4ක් අර්ධ ශතක 21ක් සමඟය. ඉනිමක වැඩිම ලකුණු ගණන 139කි. 20-20 තරග විසිහයකදී ලකුණු 291ක් ලබා ඇත. ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට මේ සංචාරයේද නායකත්වය දෙන්නේ දසුන් ශානකය. නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත හා ළහිරු කුමාර වේගපන්දු යවන්නන් ලෙසත් ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග දගපන්දු යවන්නන් ලෙසත් ක්‍රියා කරති. කණ්ඩායමේ නවක තරුණ ක්‍රීඩකයන් වන්නේ කඩුලු රකින විසිහතර හැවිරිදි මිනෝද් භානුක සහ භානුක රාජපක්ෂය. නායක ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු ඉදිරිපෙළ හා ඕෂධ ප්‍රනාන්දු ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක හා ඇන්ජලෝ පෙරේරා මැද පෙළ පිතිකරුවන් ලෙසත් ක්‍රියාකරති. පාකිස්තාන කණ්ඩායමට නායකත්වය දෙන්නේ සෆ්රාස් අහමඩ්ය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar