slc
Home   |    News
සැප්තැම්බර් 20, 2019
කාන්තා ක්‍රිකට් පිටුපස දැවැන්ත සෙවනැල්ල චමරි අතපත්තු

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලය තුළදී ලබාගත් ජයග්‍රහණ කිහිපයේ සහ ප්‍රතිවාදී කණ්ඩායම්වලට තියුණු තරග ලබාදී සාර්ථකත්වයට පත්වු අවස්ථාවන් රැසකම ඒ පිටුපස සිටියේ කණ්ඩායමේ වත්මන් 20/20 නායිකාව චමරි අතපත්තුය. මෙම සාර්ථකභාවය සියයට ගණනින් සංසන්ධනය කළහොත් සියයට හැත්තෑවක් පමණවේ.

ඉරිදා (සැප්තැම්බර් 22වැනිදා ) ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමග එක්දින (3) හා 20-20 (3) තරග හයකට සහභාගිවීම සදහා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ද චමරි අතපත්තුය. ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට මේ සංචාරය පළපුරුදු රැසක් ලබාගත හැකි තීරණාත්මක තරගාවලියක් වනු නිසැකය.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පසුගිය කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සමග නොදැවී ලකුණු 178ක් ලබා තම වැඩිම එක්දින ලකුණු වාර්තාව කළ අතර මෙවර ඕස්ට්‍රේලියා සංචාරයේදී ද ඇයගේ දක්ෂතා ශ්‍රී ලංකා සාර්ථකත්වයට බෙහෙවින් බලපානු ඇත. චමරි වමතින් පිත්ත හසුරුවමින් මේවන විට එක්දින තරග 81කට සහභාගිවී ලකුණු 2495ක් ලබා සිටින්නේ ඉනිමක 31.2ක සාමාන්‍යයක් සහිතවය. එක්දින අර්ධ ශතක 14ක් හා ශතක හතරක් ලබා සිටින ඇය මද වේගපන්දු යවමින් එක්දින කඩුලු 22ක් ලබා ඇත. 20-20 තරග 78කට ඉදිරිපත්ව ඇති ඇය ලකුණු 1333ක් ලබා සිටින්නේ ඉනිමක 17.8ක සාමාන්‍යයක් සහිතවය. ඊට අර්ධ ශතකයක්ද අයත්ය. 20-20 පන්දු යැවීමේදී ඇය කඩුලු 21ක් දවා ඇත. “කචර්ස්හි” ඇය දක්ෂ ලෙස පන්දු රකී.

1990 පෙබරවාරී 09වැනිදා කුරුණෑගල ගොකරැල්ලේදී උපත ලද අතපත්තු මුදියන්සේලාගේ චමරී ජයංගනීගේ පියා ජයවර්ධන බණ්ඩාර අතපත්තු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. මව ඩී.බී.චන්ද්‍රාවතී ගෘහණියකි. ගොකරැල්ල මහ විදුහලේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයෙන් සමත්ව ඇය ඉබ්බාගමුව මධ්‍ය මහ විදුහලට ඇතුලුවිය. පාසල් වියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ඇල්මක් දැක්වු ඇය පාසලේදී ද ක්‍රිකට් ක්‍රීඩා කළාය. නිතරම රූපවාහිනියෙන් ක්‍රිකට් තරග ද නැරඹුවාය. ඇය පවුලේ එකම දරුවාද විය. පියාත් මාමාත් (චන්ද්‍රා දිසානායක) දැක්වු විශේෂ සහය මත ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම පිය නැගුවාය. අවුරුදු 16දී කෝල්ට්ස් කණ්ඩායමට ඇතුලුවී ප්‍රිමියර් ලීග් තරගාවලියටද සහභාගිවිය. ඒ සමගම ඇයට ජාතික සංචිතයේ දොරටුවද විවෘත විය.

මේ අවධියේද ඇය පුහුණුවට ආවේ දිනපතා ගොකරැල්ලේ සිට පියා සමගය. “මගේ ජීවිතයේ වේදනානත්මක දවස 2008 මුලදී මගේ අප්පච්චි මියගිය දවසයි. ඉන්පසු වසරක පමණ කාලයක්ම මම  ක්‍රීඩාවේ යෙදුණේ නෑ.පුහුණුවුයේත් නෑ.

“අම්මාගේත් නෑදෑයන්ගේත් ඉල්ලීම් මත මම නැවත පුහුණුවීම් ආරම්භ කළා. උදේ තුනට ගොකරැල්ලෙන් පිටත්වෙලා බස් එකෙන් හැමදාම පුහුණුවට පැමිණියා. මා ප්‍රථමවරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2009 එංගලන්තයේ සංචාරයේදීයි. මට එවිට අවුරුදු 19යි. කණ්ඩායමේ නායිකාව වූයේ චමරි පොල්ගම්පලයි.

යුනියන් ඇෂුවරන්ස් හා ගුවන් හමුදා කණ්ඩායම් ද මා නියෝජනය කළා. පාසල්වියේදී අවුරුදු 15න් හා 17න් පහළ පිරිමි ළමුන් සමග තරගවැදීමෙන් ලත් අත්දැකීම් පසුව මට හොදින් තරග කිරීමට උපකාරී වුවා. මම එංගලන්තයේ “කියා සුපර්ලීග්” ඕස්ට්‍රේලියාවේ “බිග් බෑෂ්”

 ඉන්දීය ප්‍රිමියර් ලීග් හා බංග්ලාදේශයේ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියන්ටද ක්‍රීඩාකළා. මීට මාස කිහිපයකට පෙර එංගලන්තයේ චෙෂ්ටර්ෂයර්හි ලැබ්‍රෝ ලයිට්නින් කණ්ඩායමටද ක්‍රීඩාකර තරග දහයකදී (20-20) හයවරක් ලකුණු 35 ඉක්මවා ලබා කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලැබූ පිතිකාරිණිය ලෙසත් තරගාවලියේම ප්‍රථම පස්දෙනාටත් ඇතුලුවුවා.

මම 2012-14 හා 16 වසරවල නායකත්වයද දැරුවා. මගේ අපේක්ෂාව තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමටයි. ක්‍රිකට් ආයතනය අපට ගොඩක් දිරිගැන්වීම් ලබාදෙනවා. දැන් තරුණ ක්‍රීඩිකාවන්ටද තරගාවලි රැසක්ම ආරම්භ කර තිබීම කාලෝචිතයි. වත්මන් ජාතික සංචිතයේ සිටින හසිතා මාධවී (අනුලා) අවුරුදු 19යි කවීෂා දිල්හාරා (රත්ගම) අවුරුදු 18යි සහ උමාෂා තිනේෂණී (දේවපතිරාජ) අවුරුදු 17යි ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩිකාවන්. මගේ රට වෙනුවෙන් කැපව ක්‍රීඩාකර රටට කීර්තියක් අත්කරදීම මාගේ ඉදිරි අරමුණයැයි චමරි අතපත්තු කීවාය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest