slc
Home   |    News
සැප්තැම්බර් 10, 2019
“කැරම් බෝල්” පන්දු යවන්නා විශ්‍රාම ගනී

Sri Lanka Cricket

මුත්තයියා මුරලිදරන්ගේ දුස්රා පන්දුව මෙන් තවත් දගපන්දු යවන්නෙකුගේ “කැරම් බෝල්” පන්දුව ද 2008-2014 කාලයේ මහත් ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. වසර හයක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර කඩුලු 288ක් ලැබු ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු බලකායේ අජන්ත මෙන්ඩිස්ගේ මෙම කැරම් බෝල් පන්දුවද ජාත්‍යන්තරයේ නමක් දිනා තිබිණි. ආබාධ මත (පිටකොන්දේ) කෙටි කළක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් එක්දින හා 20-20 අංශ තුනෙන්ම නොබෝදා (2) විශ්‍රාම ගියේය.

යුද හමුදාවේ අන්තර් රෙජිමේන්තු 20-20 තරගාවලියේ අවසාන මහා තරගය අගහරුවාදා (3) සංවිධානය කර තිබුණේද මේ ක්‍රීඩකයාට සමුගැනීම වෙනුවෙනි.

2008 සිට 2014 දක්වා ටෙස්ට් තරග 19කට සහභාගි වී කඩුලු 70ක්ද එක්දින තරග 87කදී කඩුලු 152ක්ද 20-20 තරග 39කදී කඩුලු 66ක්ද ලබා මොහු වසර හයක් වැනි කෙටි කාලයකදී ජාත්‍යන්තර කඩුලු 288ක් ලබාගැනීමට සමත් විය. ටෙස්ට් තරග 19දී (ඉනිම 31යි) මොහු කඩුලු 70ක් ලැබුවේ ඉනිමකදී ලකුණු 99කට කඩුලු හයක්ද තරගයකදී ලකුණු 209කට කඩුලු 10ක්ද දවාලමිනි. එක්දින තරග 87කදී ඔහු තෙවරක් කඩුලු පහ බැගින්ද හත්වරක් කඩුලු හතර බැගින්ද දවා තිබේ. එක්දින හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 13කට කඩුලු හයකි. 20-20 ඔහුගේ හොදම පන්දු යැවීම ලකුණු අටකට කඩුලු හයකි.

දකුණතින් පිට දගපන්දු (ගුග්ලි) යැවීමට මෙන්ම පන්දුව වෙනස්කර පා දඟ පන්දු යැවීමටද මොහු සමත්ය. අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමේ වෙනසක් වන්නේ වෙනත් දඟ පන්දු යවන්නන්ට වඩා මඳ වේගයකින් පන්දු යැවීමය. වේගවත්ම එක්දින හා 20-20 කඩුලු 50 ලැබීමේ වාර්තාව ද මොහු සතුය.

1982 මාර්තු 11 වැනිදා උපත ලද අජන්ත මෙන්ඩිස් 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනන විට 11වන වියෙහි පසුවිය. එම වයසේදී මුත්තයියා මුරලිදරන් චමින්ද වාස් සහ සනත් ජයසූරිය දක්ෂතා පෙන්වු අයුරු මා බලා සිටියේ ඉමහත් ප්‍රිතියකිනි. පසුව ඔවුන් සමග එකට ක්‍රීඩා කිරීමට ලැබීමත් ඔවුන්ගේ අත්දැකීම් ලැබීමත් අගය කරන්නේ යැයි මෙන්ඩිස් කියයි.

තමාට ජාත්‍යන්තර දස්කම් පෑමට අතහිත දුන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු අනෙකුත් සියළු අංශ වලට අජන්ත මෙන්ඩිස් සිය ස්තූතිය පළ කරයි. අජන්ත මෙන්ඩිස් සමග සීක්කුගේ ප්‍රසන්නද ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කළක්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෙන්වූහ.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest