slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2019
චමරිගෙන් දැවැන්ත ප්‍රහාරයක් : ඕස්ට්‍රේලියාව ජයගනී

Sri Lanka Cricket

ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 20-20 නායිකාව චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් ලෝකසූරියන් වන ඕස්ට්‍රේලියාවේ පන්දු යවන්නියන්ට පිටිය පුරා සිසාරා හයේ හතරේ පහර එල්ල කරමින් පන්දු 66කදී ලකුණු 113ක් රැස්කරමින් වාර්තාවන්ද පිහිටුවූවාය.

ඕස්ට්‍රේලියාව මේ තරගයේදී මුලින් පන්දුවට පහරදී කඩුලු හතරකට ලකුණු 217ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලැබුවේ ලකුණු 176කි. ඕස්ට්‍රේලියාව තරගයෙන් ජයගත්තේ ලකුණු 41කිනි.

ඕස්ට්‍රේලියාව මේ තරගයෙන් ජයලැබුවත් දිනයේ විශිෂ්ටතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරඹයයි. ඇය පන්දු 60කදී ශතකයක් පන්දු 66කදී ලකුණු 113ක් ලබාගත්තේ දර්ශනීය හයේ පහර 6ක් හා හතරේ පහර 12ක් සමඟයි. ඇයගේ හයේ හතර පහර එකතුව ලකුණු 84කි. ඇය එල්ල කළ එක් දැවැන්ත හයේ පහරක් සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ විශාලම ක්‍රීඩාමණ්ඩපයේ වහළේ රැදිනි. මෙය චමරිගේ පළමු වන 20-20 ශතකයද දෙවන අර්ධ ශතකයද වේ.

මේ තරගයේ ඕස්ට්‍රේලියාවේ මේ වාරයේ ප්‍රථම තරගය වන අතර ලංකාව ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ මාස හයකට පසුවය. ඕස්ට්‍රේලියාව ලැබූ ලකුණු 217ක ඔවුන්ගේ දෙවන 20-20 වැඩිම සංඛ්‍යාවයි. මෙය ශ්‍රී ලංකාව 20-20 තරගයක ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයවේ. ශ්‍රී ලංකාව ලකුණු 218ක ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ චමරි සහ හංසිමා කරුණාරත්න (16) තෙවන කඩුල්ලට ඕවර 9කදී ලකුණු 76ක්ද සිව්වන කඩුල්ලට චමරි සහ නිලුක්ෂි ද සිල්වා (10) ඕවර හතරකදී ලකුණු 58ක්ද රැස්කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10ක් ඉක්මවූයේ මේ ක්‍රීඩිකාවන් තිදෙනා පමණි.

ඕස්ට්‍රේලියාවේ බෙත් මුනි පන්දු 60කදී හතරේ 20ක් සමඟ ලකුණු 113ක් ලබා තම දෙවන 20-20 ශතකය ලබාගත්තාය.

ලකුණු විස්තරය

  • ඕස්ට්‍රේලියාව ඕවර 20කදී කඩුලු 4කට 217යි.

බෙත් මුනි113, ඒ.හීලි 43, ඒ.ගාඩ්නර් 49, ඕෂදී රණසිංහ 47ට 2

  • ශ්‍රී ලංකාව ඕවර 20කදී කඩුලු 7ට 176යි.

චමරි අතපත්තු 113, හංසිමා කරුණාරත්න 16, නිලක්ෂි ද සිල්වා 10, වෝහැම් 19 ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee