slc
Home   |    News
සැප්තැම්බර් 6, 2019
මෑත කාලයක බිහිවු හොදම 19න් පහළ කණ්ඩායම මෙයයි – නිපුන් ධනංජය කියයි

Sri Lanka Cricket

මෑත කාලයක ශ්‍රී ලංකාවෙන් බිහිවු හොදම අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලෙස වත්මන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තමාට හැදින්විය හැකි යැයි 19 පහළ නායක නිපුන් ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය‍

ඊට හේතු කිහිපයක්ම තිබෙනවා බංග්ලාදේශයේදී අවසානවරට පැවැති ආසියානු කුසලාන (19න්පහළ) තරගාවලියට ක්‍රීඩාකළ ක්‍රීඩකයන් හයක්ම මෙවරද කණ්ඩායමටඇතුළත්ටවේ. එමෙන්ම මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ නවක‍යන් තිදෙනෙක් පමණයි. මේ අනුව අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩකයන් එකළොස් දෙනෙකුම මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පළපුරුද්ද සහ අත්දැකීම් අපට මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දීත් හා ඉදිරියේදීත් වාසියක් වෙතැයි මගේ බලාපොරොත්තුවයි.

මෙවර තරගාවලියට අප සූදානම් වූයේ දීර්ඝ කාලීනව සැලසුම් ඇතිවයි. මුලින්ම සුපිරි අන්තර් පළාත් තරගාවලියට දිවයිනේ දක්ෂම ක්‍රීඩකයන් සහභාගි කරගෙන සාර්ථක තරගාවලියක් පැවැත්වුවා. එහි දක්ෂම ක්‍රීඩකයන් විසිඅටදෙනකු ජාතික සංචිතයට ඇතුළත් කර නේවාසික පුහුණුවීම් සිදු කළා.මාඳුරාඔය යුද පුහුණු අභ්‍යාස ආයතනයේ නේවාසික පුහුණුව ඉතා වටිනා පුහුණුවීමක්. ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න ඇතුළු ප්‍රවීණ නිලධාරීන් රැසකගේ උපදෙස් හා ක්‍රියාකාරකම් ක්‍රීඩකයන් එහිදි ලැබීම වැදගත් බවද නිපුන් ධනංජය ප්‍රකාශ කරයි.

නිපුන් ධනංජය මෙවර ශ්‍රී ලංකා 19න්පහළ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ හයවන වතාවටයි. 2018 වසරේ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එම වසරේ බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එම වසරේම බංග්ලාදේශය මෙහි සංචාරය කිරීම මේ වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සහ පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයන්හිදී ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී තිබේ.

වත්මන් 19න් පහළ කණ්ඩායමට පැහැදිලි අනාගතයක් තිබෙනවා. තුන් ඉරියව්වේ දක්ෂයන් රැසක්ම ඊට ඇතුළත්. මාගේ මීළග අරමුණ වන්නේ පළමු ශ්‍රේණියේ තරගාවලියන්ට සහභාගිවී දස්කම් පා ජාතික පිලට ඇතුළත් වීම යැයි ධනංජය කියයි.

2000 සැප්තැම්බර් 28 වැනිදා නාත්තන්ඩිය බාඳුරාවදී උපත ලද නිපුන් ධනංජය තෙවන වසර තෙක් නාත්තණ්ඩිය ධම්මිස්සර විදුහලේත් පසුව ජෝශප් වාස් විදුහලේත් අධ්‍යාපනය ලැබීය. වසන්ත විජේසූරිය සහ තරංග ලියන පතිරණ පාසල් කාලයේත් හෂාන් තිලකරත්න වත්මන් පුහුණුකරුවන් වේ. මංජුල පෙරේරා සහ දයානි සමන්ති දෙමාපියන් වෙති.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest