slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2019
විශ්වකර්ම පන්දු යවන්නා

Sri Lanka Cricket

තරුණ පන්දු යවන්නන්ට සිතීමට පවා අපහසු විශ්වකර්ම සිදුවීම් තුළින් ස්ලින්ගර් ආකාරයෙන් (දකුණතින් අත හරහට කරකවා) පස්වතාවක්ම පිට පිටම කඩුලු තුනක් (හැට්රික්) දවාලීමෙන් ශ්‍රී ලංකාවේ 20-20 ක්‍රිකට් නායක තිස්හය (36) හැවිරිදි ලසිත් මාලිංග අද ලෝක පූජිතව සිටී. පිට පිටම පන්දු හතරකදී දෙවරකදී කඩුලු හතර බැගින් දවා තවත් වාර තුනකදී පිට පිටම පන්දු තුනකදී කඩුලු තුන බැගින් (හැට්රික්) දවාලු මේ අද්විතීය පන්දු යවන්නා ජාත්‍යන්තරයට යාමට තරම් ආරම්භයක් ලබා ගත්තේ දක්ෂිණ ලංකාවේ රත්ගම ප්‍රදේශයේ මුහුදු වැල්ලේදී ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවේ මූලාරම්භයක් ලබාගනිමිනි.

විටෙක ඔහුගේ පන්දු යැවීම පුරාවෘත්තික වු ඇස් බැන්දුමක් වැනිය. තවත් වරෙක පිතිකරුවන් මංමුලා කරවන්නකි. තවත් විටෙක පිතිකරුවනට ඇදහිය නොහැකි වූත් ඇස්පිල්ලම් ගැසීමට පෙර දැවීයාමකි. තවත් අවස්ථාවක තේරුම් ගත නොහැකි යෝකර් පන්දුවකි. ස්ලින්ගර් ආකාරයෙන් මොහුගේ මේ පන්දු යැවීම පිළිබදව විමසුවිට ඔහු ලබා දුන්නේ ඉතා සරල පිළිතුරකි. එය කැපවීම යන්නය. මා හට දැන් වයස අවුරුදු 36ක් වනවා. ඒත් මා සතුව පිතිකරුවන් දවාලිය හැකි පන්දු දෙක තුනක්ම ඉතිරි තිබෙනවා. මේ පන්දුවක් යැවීමට මා සිය දහස්වාරයක් පෙර පුහුණුවීම් ලබනවා. තරුණ පන්දු යවන්නන්ටත් මා දෙන උපදෙසක් වන්නේ හැකි තරම් හොඳින් පෙර පුහුණුව ලබන ලෙසටයි. කළින් හොඳින් සූදානම් වුවහොත් ඕනෑමදෙයකින් ජයගත හැකියැයි මාලිංග පවසයි.

අපගේ 20-20 කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටිනවා. ඔවුන් සියල්ලම දක්ෂයෝය. ඔවුන් සමඟ සාර්ථක ඉදිරිගමනක් යාමට අවස්ථාව ලැබීම සතුටට කරුණක්. කණ්ඩායමට නායකත්වය දෙන අතරතුර පන්දු යැවීමේ බලකාය මෙහෙයවීමට මට කිසි අපහසුවක් නෑ හොඳින් සූදානම් වී සිටී නම් පීඩනයක් ඇත්තෙම නැතැයි ද මාලිංග කියයි.

මාස පහකට පෙර සිට යම් යම් කළබල රටේ තිබුණත් නවසීලන්ත කණ්ඩායම මෙහි පැමිණීම පිළිබඳව අප ඔවුනට ස්තූතිවන්ත වනවා. අපගේ ප්‍රේක්ෂකයන් අපගෙන් ජයග්‍රහණ අපේක්ෂා කරනවා. ප්‍රථම හා දෙවන තරග දෙකේදී එය ඉටුකිරීමට නොහැකිවුවත් ඒවායේ තියුණු සටන් ලබා දී අවසානයේ ජය ලැබීම ගැන සතුටු වන බවද ලසිත් මාලිංග කීවේය.

ගාල්ලේ රත්ගම උපත ලද ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩා‍වට පිවිසියේ මුහුදු වැල්ලේ ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩා කරමිනි. ඔහු දුටු වේගපන්දු යවන පුහුණුකරු චම්පක රාමනායක ජාත්‍යන්තර දක්වාම ඔහු රැගෙන ගියේය. පස්වතාවක් පිට පිටම කඩුලු තුන (හැට්රික්) බැගින් දවා ඉන් දෙවරක්ම පන්දු හතරකදී කඩුලු හතර බැගින් දවා එකම පිටියකදී කඩුලු තුන බැගින් (හැට්රික්) තුනක් (ප්‍රේමදාස පිටිය) දවාගත් වෙනත් කිසිදු පන්දු යවන්නෙකු මිහිපිට නොමැත. ඔහු පිටුපසු සිටින්නේ හැට්රික් 4ක් ලැබූ පාකිස්තාන හිටපු නායක වාසිම් අක්රම් සහ මේ වසරේ ඇෆ්ගනිස්ථාන – අයර්ලන්ත තරගයේ කඩුලු හතරක් පිට පිටම දවාලු ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නා පමණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest