slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2019
ශ්‍රී ලංකාව පාකිස්තාන තරගාවලියට සුදානම්

Sri Lanka Cricket

ආගමික වතාවත්හි නිරතවී නෑදෑහිතවතුන්ගේ ආශිර්වාද මැද අගහරුවාදා උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පිටත්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදින දහවල් කරච්චි නුවරට ළගාවිණි. එහිදී ඔවුන් පුර්ණ ආරක්ෂාව හා පහසුකම් සහිතව පුහුණු සැසිවාරයන්ට සහභාගිවන බව පාකිස්තානයෙන් වාර්තාවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කරච්චියේදී මේ මස 27,29 සහ ඔක්තෝම්බර් 2වැනිදා එක්දින තරග තුනකටත් ඔක්තෝම්බර් 5,7,හා 9 යන දිනවල 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගාවලියේ ජයග්‍රාහකයනට පිරිනැමෙන කුසලාන නිරාවරණය කිරීමේ උළෙලට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවු එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එෂාන් මානි ප්‍රකාශ කළේ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය හා එරට විදේශීය කණ්ඩායම් ගෙන්වා ගැනීමේ අරමුණින් දැන් ක්‍රියාත්මක වන කෙටි කාලීන සැලසුම් ඉවතලා ඉදිරියේදී දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය. මෙහි තරග කළ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට අප ඩොලර් ලක්ෂය බැගින් (රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්) ලබාදුන්නා. ඊට අමතරව සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් පිල පැමිණි අවස්ථාවන්හි ක්‍රීඩකයෙකුට ඩොලර් විසිපන්දහස සහ පණස්දහස බැගින් පිරිනැමුවා. මේ ක්‍රම සාර්ථක නැතැයි සිතන අප ඉදිරියට කණ්ඩායම් වලට මුදල් දෙන්නේ නැතැයි මානී කීවේය. ජගත් ක්‍රිකට් සමුළුවේ සභාපතිධුරය කලක් ඉසිලු මානීට මෙවර නැවතත් පාකිස්තාන ක්‍රිකට් සභාපතිධූරය භාරගන්නා ලෙස ඇරයුම් කළේ පාකිස්තාන අගමැති හා ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙලෙස මුදල් ගෙවා කණ්ඩායම් ගෙන්වා ගැනීමට පෙරදි සිදුවූයේ මීට වසර දහයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එහි සංචාරය කරද්දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව විදේශීය කණ්ඩායම් එහි යාම ප්‍රතික්ෂේප කිරීමෙනි. පාකිස්තානය සත්කාරත්වය දරන තරගාවලි ඉන් පසුව  ඔවුන් සංවිධානය කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යාමට පෙර අදහස් දැක්වූ 20-20 නායක දසුන් ශානක තමා 2017 වසරේදී ද පාකිස්තානය සංචාරය කළ බවත් ආරක්ෂාව පිළිබදව කිසිදු ප්‍රශ්නයක් පැන නොනැගුණු අතර මෙවරද එම තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද කීවේය. ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට නායකත්වය සැපයීමට අවස්ථාව ලැබීම ගෞරවයක් ලෙස සලකන බව කී ශානක තරුණ දක්ෂම කණ්ඩායමක් අප සතුව සිටින හෙයින් ප්‍රබලම තරග ලබාදීමට තම කණ්ඩායමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දසදෙනෙකුම අයත් නොවුවත් වර්තමාන පිලට දක්ෂතම ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ළහිරු තිරිමාන්න (නායක) ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම ෂෙහාන් ජයසූරිය, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සදකැන්, වනිදු හසරංග, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත හා ළහිරු කුමාර ඇතුළත් වෙති. 20-20 කණ්ඩායමට මීට බාහිරව ඇතුළත් වන්නේ ළහිරු මධුශංක පමණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee