slc
Home   |    News
ඔක්තෝබර් 22, 2019
අපෙන් දක්ෂතම 20-20 කණ්ඩායමක් බිහිවීම අතලගයි – ලසිත් මාලිංග

Sri Lanka Cricket

දැන් තරුණයන් ඉදිරියට එන කාලයයි. අපගේ කොල්ලන් ඉතාම දක්ෂයි. ස්වල්පවූ කාලයක් තුල දක්ෂතම ඕවර 20-20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් බිහිවන බව 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

දෙවරක් පිට පිටම පන්දු හතරකදී කඩුලු හතර බැගින් දවා ලෝක වාර්තා තබා සිටින ලසිත් මාලිංගගෙන් ඒ පිළිබඳව තවත් ප්‍රශ්නයක් විමසුවෙමි. 2007 බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී පිට පිටම පන්දු හතරකදී කඩුලු හතරක් දැවී ගොස් පස්වන පන්දුව යන්තමින් කඩුල්ලේ නොවැදී යාම පිළිබඳව මාලිංග පැවසූවේ    “ඇත්තටම මම සිතුවේ එය කඩුල්ලේ වැදුණා කියා එසේ නොවීම ගැන මටත් පුදුමයි යනුවෙන් සිනහමුසුව මාලිංග පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මට තව ඉතිරිව ඇත්තේ වසරක් වැනි කෙටි කාලයක්. එම කාලය තුළ සැලැස්මක් ඇතිව උපරිමයෙන් කණ්ඩායම මෙහෙයවීම මගේ අපේක්ෂාවයි. දක්ෂම කොල්ලෝ ටිකක් දැන් අපේ කණ්ඩායමේ සිටිනවා. අනාගතය සුබදායකයි කියා මට කිව හැකි යැයි ද මාලිංග ප්‍රකාශ කළේය.

          අවුරුදු තුනකට පෙර මම අනාවැකියක් කීවා තව වසර තුන හතරකින් හොඳම සීමිත ඕවර කණ්ඩායමක් (විශේෂයෙන් 20-20) බිහිවන බවට අද එය සත්‍යයක්ව තිබෙනවා. අවශ්‍ය වන්නේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමයැයි කී 20-20 නායක මාලිංග මේ තත්ත්වයට කණ්ඩායම පත්කර ගැනීමට දායකවීමට අවස්ථාව ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ප්‍රකාශ කළේය.

          ශ්‍රී ලංකාව සීමිත ඕවර ක්‍රිකට් ලෝක සූරතා (ඕවර 50 සහ 20-20) දෙවරක්ම දිනා ලෝක පූජිතව සිටි 20-20 ලෝක කුසලානය දිනා ගත්තේ මාලිංගගේ නායකත්වයෙනි 20-20 තරගාවලියන්ට අපට දැන් තවත් හොඳ දක්ෂ නායකයෙක් බිහිව සිටිනවා. දසුන් ශානකගේ දක්ෂතා පිළිබදව තමා උපරිමයෙන් සතුටුවන බවද ලසිත් මාලිංග ප්‍රකාශ කළේය. ශානක, ෂෙහාන් ජයසූරිය සහ භානුක රාජපක්ෂ පිළිබඳව තමා අනාවැකි කීවේ 2016 දී බවද මාලිංග වැඩිදුරටත් කීවේය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest