slc
Home   |    News
ඔක්තෝබර් 4, 2019
කාන්තා 20-20 කණ්ඩායම : ඕස්ට්‍රේලියා සංචාරයෙන් ලත් දෑ බොහෝය

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේදී පසුගිය දිනවල ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග තරග වැදී කළකට පසුව ලත් අත්දැකීම් හා පළපුරුද්ද ඔවුනගේ ඉදිරිගමනට බෙහෝසෙයින් වැදගත්වේ.

ශ්‍රී ලංකාව මෙහිදී තරග වැදුනේ කාන්තා ක්‍රිකට් ලෝකසූරියන් වන ඕස්ට්‍රේලියාව සමගය. ඕස්ට්‍රේලියාවේ වේගවත් වු පන්දුව ඉපෙළෙන තණතිලිවල ලොව වේගවත්ම පන්දු යවන්නියන් සිටින ඕස්ට්‍රේලියා කාන්තා වේග පන්දු බල ඇණියට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට මෙහිදී අවස්ථාව උදාවිණි. ලංකා ක්‍රීඩිකාවනට අත්‍යවශ්‍යව ඇත්තේද මෙවැනි ප්‍රබල ප්‍රවාදී කණ්ඩායම් දෙකතුනක් සමග උරෙන් උර ගැටී තරගවැදී හැකි තරම් පළපුරුද්ද ලබාගැනීමය. තව මාස කිහිපයකින් එළැඹෙන මීළග කාන්තා ලෝක කුසලාන තරගාවලියට හොදින් මුහුණදීමට එවිට ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවේ.

කාන්තා කණ්ඩායම පසුගිය දිනවල ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවූයේ මාස හයක කාලයකින් පසුව බවද අමතක කළයුතු නොවේ. දක්ෂතා අතරට ඒමට නිතර තරග අතරද සිටිය යුතුවේ. නුහුරු දේශගුණයක වේගවත්ම පන්දුව දෝලනය වන තණතිලිවල ලොව හොඳම පන්දු යවන්නියන් හා පිතිකාරිණියන්ට මුහුණදීමේදී ඊට සරිලන පෙර පුහුණු තරග අත්දැකීම් අවශ්‍යය. මේ අනුව සංචාරය ලත් අත්දැකීම් අනාගත තරගාවලියට සුබදායක වේ.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් නායිකා චමරි අතපත්තු තරග තුනේදී ඉනිමක සමාන්‍ය ලකුණු 53ක් ලබා දස්කම් දැක්වූවාය. මේ ක්‍රීඩාවේ අප ඉදිරියට යාමට නම් තවත් පිතිකාරිණියන් දෙතුන් දෙනෙකු අනිවාර්යෙන්ම ලකුණු අතර සිටිය යුතුවේ. හර්ෂිකා මාධවී, ශෂිකලා සිරිවර්ධන, හංසිමා කරුණාරත්න, නිලක්ෂි ද සිල්වා සහ ඩී.ඒ. කාංචනා ප්‍රබල ඕස්ට්‍රේලියා පන්දු යවන්නියකට හොදින් මුහුණ දුන්නද 20-20 තරගයක වේගයෙන් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට අත්දැකීම් තුළින් ඔවුන් ඉදිරියේ ක්‍රියාකළ යුතුවේ. මොවුන්ගෙන් තිදෙනෙකුවත් චමරි මෙන් ලකුණු අතර සිටීම කණ්ඩායමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු වට පහර දීම නුදුරු අනාගතයේ සකසා ගත හැකිවුවද පන්දු යැවීම පිළිබදව මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතුවේ. ඕස්ට්‍රේලියාව ලංකා පන්දු යවන්නියන් සමග ලකුණු 220 ආසන්නයට ළගාවන්නේ ඕවරයකට සමාන්‍ය ලකුණු 11වන පරිදි ලබමිනි. මෙය ඕවරයකට 7-8ක් වන පරිදි සීමා කර ගැනීම අවශ්‍යය.

ශ්‍රී ලංකා පන්දු රැකීමද සෑහීමකට පත්වන තත්ත්වයක පවතී. නවසීලන්ත කාන්තා පිල තව මාස හතරකින් ලංකා පිල සමග තරග වදී. මෙවැනි කණ්ඩායම් සමග හැකිතරම් දුරට හොදින් ක්‍රීඩාකර අත්දැකීම් ලබා ශ්‍රේණිගත කිරීමේ 1-3 අතර ඒමට අප උපරිමයෙන් ක්‍රියා කළ යුතුවේ.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest