slc
Home   |    News
ඔක්තෝබර් 7, 2019
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

තෙවැනි තරගයක් දක්වා නොගොස් දෙවැනි තරගයේදීම ජය වාර්තා කරමින් විස්සයි-20 තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන ලාහෝර් ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පවතින දැඩි පිණි සහිත තත්ත්වය ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට වාසියක් ගෙන දෙන නමුත්, පළමු තරගයේ පරිදිම පන්දුවට පහර දී ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් කිසිම පැකිළීමකින් තොරවම දසුන් ශානක පන්දුවට පහර දීමට තීරණය ළේය. තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් 05 වැනිදා පැවැති පළමු තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිට ගනිමිනි. ඒ අනුව අද තරගයේදී ජය ගතහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

පළමු තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූ බැවින් අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් අවතීර්ණ වූ නමුත් පාකිස්තානය වෙනස්කම් 2 ක් සිදු කරමින් පැමිණ සිටියි. එහිදී පළමු තරගයට  ක්‍රීඩා කරන ලද ෆහීම් අශ්රෆ් සහ ඉෆ්තිකාර් අහමඩ් වෙනුවට ෆකර් සමාන් සහ වහාබ් රියාස් කැඳවීමට එරට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති බැවින් ඊට ශෝකය පළ කිරීම සංඛේතවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී කළු පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා පිල – 1. ධනුෂ්ක ගුණතිලක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3.භානුක රාජපක්ෂ, 4. මිනෝද් භානුක, 5. දසුන් ශානක(නායක), 6. ෂෙහාන් ජයසූරිය, 7. වනිඳු හසරංග, 8. ඉසුරු උදාන, 9. ලක්ෂාන් සඳකැන්, 10. නුවන් ප්‍රදීප්, 11. කසුන් රජිත.

පාකිස්තානු පිල – 1. ෆකාර් සමාන්, 2. බාබර් අසාම්, 3. අහමඩ් ශේෂාඩ්, 4. උමර් අක්මාල්, 5. සෆ්‍රාස් අහමඩ් (නායක), 6. අසීෆ් අලී, 7. ඉමාඩ් වසීම්, 8. ශාදාබ් ඛාන්, 9. වහාබ් රියාස්, 10. මොහොමඩ් අමීර්, 11. මොහොමඩ් හස්නේන්.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest