slc
Home   |    News
ඔක්තෝබර් 10, 2019
චමරිගෙන් තවත් ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි අතපත්තු මෙවර ඕස්ට්‍රේලියා සංචාරයේ සිය දෙවන ශතකය බදාදා (9) වාර්තා කළේ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමග එක්දින තරගාවලියේ තුන්වන හා අවසාන තරගයේදී ලකුණු 103ක් රැස්කර ගැනීමෙනි.

මෙය චමරි‍ගේ පස්වන එක්දින ශතකයද වේ. ඇය මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියා කාන්තා 20-20 කණ්ඩායම සමග ප්‍රථම තරගයේදී ලකුණු 113ක් ලබා ශතකයක් ලබා දස්කම් දැක්වූවාය.

චමරි පන්දු 124කදී හතරේ 13ක් සමග බදාදා (9) ලැබූ ලකුණු 103 ආධාර කර ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙදින කඩුලු අටකට ලකුණු 195ක් රැස්කරගැනීමට අවස්ථාව උදාවිණි. මෙවර ඕස්ට්‍රේලියා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ. ප්‍රථම 20-20 තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 177ක් ලැබීය. එක්දින තරගාවලියේ දෙවන තරගයේදීද ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 172ක් ලබා ගැනීමට සමත්විය. මේ අනුව ලංකා ක්‍රීඩිකාවන් මේවන විට ලකුණු අතරට ක්‍රමයෙන් පිවිසීමක් දක්නට ලැබේ.

බදාදා (09) පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 195ක් ලබා ගැනීමට චමරි අතපත්තු සාර්ථක සබදතා තුනකට සම්බන්ධ වූවාය. දෙවන කඩුල්ලට ඇය හර්ෂිකා මාධවී (24) සමග ඕවර 11.2කදී ලකුණු 55ක්ද හයවන කඩුල්ලට අමා කාංචනා (17) සමග ඕවර 13.4කදී ලකුණු 49ක්ද හත්වන කඩුල්ලට ඕෂධී රණසිංහ (17) සමඟ ඕවර 10කදී ලකුණු 47ක්ද එක්කරමින් ලංකා කණ්ඩායම වෙනුවෙන් මහගු කාර්යයක් ඉටුකළහ.

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ඕවර 26.5කදී කඩුලු එකකට ලකුණු 196ක් ලබා මේ තරගය ජයගත්තාය. ඇලීසා හීලී පන්දු 76කදි හතරේ 15ක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 112ක් ලැබුවාය.

  • ශ්‍රී ලංකාව ඕවර 50දී කඩුලු 8ට 195යි.

චමරි අතපත්තු 103 හර්ෂිකා මාධවී 24, අමා කාංචනා 17, ඕෂධී රණසිංහ 17, ජී.වර්හම් 18ට 2

  • ඕස්ට්‍රේලියාව ඕවර 26.5කදී කඩුලු 1ට 196

ආර්.හේන්ස් 63 ඒ.හීලි නොදැනී 112 චමරි අතපත්තු 32ට 1

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest