slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2019
දැන් අපි ඉන්නේ හොඳම රිදම් එකක – අසන්ත ද මෙල් කියයි

Sri Lanka Cricket

දැන් අපි ෆුල් රිදම් එකට (නියමානුකූල රිද්මයට) ඇවිත් ඉන්නේ අවශ්‍ය වන්නේ මෙය දිගටම පවත්වාගෙන යාම යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමඟ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

සටන්කාමී තරගකාරීත්වය , ජයග්‍රහණය ලබන අරමුණින් ක්‍රීඩාකිරීම , කණ්ඩායමේ එකමුතුභාවය හා ශාරීරික යෝග්‍යතාවයන් යන සියළු කරුණුවලින් අප දැන් සියයට සියයක්ම හොඳින්ම සිටින්නේ යැයි අසන්ත ද මෙල් කීය.

ජයග්‍රහණ ලබාගෙන යන විට එය පවත්වාගෙන යාම පහසුයි. ඒ වගේම තියුණු අයුරින් තරගවැදීමටත් ප්‍රතිවාදීන් අභිබවායාමටත් අවස්ථාව උදාවනවා. මෙය පවත්වා ගෙනයාමෙන් සුබ අනාගතයකට මාර්ග විවෘතවනු ඇතැයි කී ක්‍රිකට් කළමණාකාරවරයා දැන් සියල්ල සාර්ථකව ක්‍රියාත්මකවීම පිළිබඳව සතුටුවිය හැකි යැයිද කීවේය.

කළක් නොයෙක් කටකතා තිබුණා කණ්ඩායමේ එකමුතුභාවය ගැනත් නිතර ක්‍රීඩකයන් ආබාධයන්ට ළක්වීම පිළිබඳවත් දැන් එහෙම කිසිවක් නෑ. ක්‍රීඩකයන් එකමුතුව ටීම් එකක් විදිහට ගහනවා. ආබාධයන්ට ළක්ව සිටි ක්‍රීඩකයන් දෙතුන්දෙනාත් දැන් සම්පූර්ණ සුවය ලබා සිටිනවා. එම සියළු කරුණු ධනාත්මකව සිදුව ඇතැයිද අසන්ත ද මෙල් ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම 20-20 වුවත් ඕවර 50 හෝ ටෙස්ට් තරගවුවත් ඕනෑම අවස්ථාවක දක්ෂතා පෙන්වන කණ්ඩායමක්. ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පෙන්වන දක්ෂතා සහ ජයග්‍රහණ ඉදිරියටම පවත්වගෙන යාම අනිවාර්යය විය යුතුවේ. එය කළ හැකි තරුණ දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම අප සතුව සිටින බවද අසන්ත ද මෙල් කීය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee