slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2019
15න් පහළ ක්‍රිකට් නායකයෝ ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමාගම පසසති

Sri Lanka Cricket

දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර සිටින අවුරුදු 15න් පහළ ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය සංවිධානය කරන “ප්‍රීමා චැම්පියන්ස් කුසලාන” ක්‍රිකට් තරගාවලිය මහඟු අත්වැලක්ව ඇතැයි එම තරගාවලියට සහභාගි වන පළාත් දොළහේ නායකයෝ පවසති.

අපට පෝෂ්‍ය ආහාර, විටමින් වර්ග හා සියළුම ක්‍රිකට් ආම්පන්න ලබාදීමට ක්‍රිකට් ආයතනයත් ප්‍රීමා සමාගමත් කටයුතු කිරීමෙන් ජාතික තලයට යාමට මාර්ගය විවෘත වු බවද මේ නායකයෝ පෙන්වා දෙති.

දකුණු පළාත් කණ්ඩායමේ නායක රත්ගම දේවපතිරාජ විදුහලේ නායක ඉරුෂ් තිමීර ප්‍රකාශ කළේ මම කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අපේ පාසලේ එක් සිමෙන්ති පැති විකට්ටුවක් තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ පැති විකට්ටු දෙකක් තිබෙන නිසා අපි පුහුණුවන්න එහෙ යනවා. ඒවායේ තියෙන්නේ පරණ බැට්. මැච්වලට විතරක් අපි දෙමාපියන් අරන් දෙන බැට්වලින් ගහනවා. මැච් තියෙන දවස්වලට පාසලෙන් බස් එක දෙනවා. අපි තෙල් ගහගෙන යනවා. පාසලට අපි වෙනුවෙන් වියදම් කරන්න අමාරුයි. ඒත් විදුහල්පති අල්විස් මහතායි පුහුණුකරු රන්ජන් ලසන්ත සර් අපිව ගොඩක් ධෛර්යයමත් කරනවා. අපගේ අපහසුතාවයන්ගෙන් ගොඩ එන්න ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමාගම ලබාදෙන අනුග්‍රහයට ස්තූතිවන්ත වන බව ඉරුෂ් තිමීර කියයි. ඉරුෂ් දඟ පන්දු යවන්නෙකු සහ කණ්ඩායමේ ආරම්භක පිතිකරුද වේ.

වයඹ කණ්ඩායමේ නායක චමල් නිමේෂ් කටුනේරිය සාන්ත සෙබෙස්තියන් විදුහලේ අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකයාය. දක්ෂ ක්‍රීඩකයන් රාශියක්ම අපගේ පාසලේත් වයඹ කණ්ඩායමේත් සිටිනවා. දස්කම් තිබුණත් ඉදිරියට එන්න ඇති එකම බාධාව අගහිඟකම් සහ පහසුකම් අඩුවීමයි. ක්‍රිකට් ආයතනය පැති විකට්ටු ලබාදීමෙන් සහ මෙවැනි අනුග්‍රහයන්ට අතදීමෙන් අප වැනි ඈත පෙදෙස්හි ඉදිරියට ඒමට උත්සහ දරණ ක්‍රීඩකයනට විශාල පිටුවහලක් බව නිමේෂ් කියයි.

මෙලෙසම අදහස් දක්වන බස්නාහිර පළාත් කණ්ඩායම් පහේත් මධ්‍යම පළාත, ඌව පළාත, නැගෙනහිර පළාත, උතුරු මැද හා උතුරු පළාත් නායකයන්ද පවසන්නේ ප්‍රීමා සමාගම මෙන්ම වෙනත් සමාගම්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන කණිෂ්ට ක්‍රීඩාව නංවාලීමට ක්‍රියාකරන්නේ නම් ජාතික මට්ටමට අනාගතයේදී දක්ෂයන් රැසක්ම බිහිවනු ඇති බවය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee