slc
Home   |    News
නොවැම්බර් 16, 2019
අදියර III ක්‍රිකට් පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකාවේදීම – හේෂාන් ද මෙල් පවසයි

Sri Lanka Cricket

මනා දැනුමක් ඇති ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවනට, ලොව පිළිගත් අදියර III (Level III) පාඨමාලාව ශ්‍රී ලංකාවේදීම හදාරා ප්‍රවීණ පුහුණුකරුවන් වීමේ අවස්ථාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ ක්‍රිකට් අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල් ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ජගත් ක්‍රිකට් සමුළුවේ හා වෙනත් රටවල අදියර III ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පාඨමාලා නිරීක්ෂණය කර එය අපගේ රටට ඔබින අයුරින් සකස්කර ලබන වසරේ සිට ප්‍රථමවතාවට මෙරටදී පවත්වන බවත් හේෂාන් ද මෙල් කියයි.

එම පාඨමාලාවට සහභාගි වන අයදුම්කරුවන් දැනටමත් අදියර II පාඨමාලාව සමත්ව වසර තුනක කාලයක් ප්‍රධාන ක්‍රීඩා සමාජයක පාසලක දිස්ත්‍රික්ක හෝ පළාත් පුහුණුකරුවකු ලෙස කටයුතු කළ යුතු බවද හේ පැවසීය.

          ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ ක්‍රිකට් අධ්‍යාපන අංශය මගින් වසරකට අදියර I පුහුණුකරුවන් සියයක් පමණත් අදියර II යටතේ පුහුණුකරුවන් 15-20 අතරත් බිහිකරන බව පවසන හේෂාන් ද මෙල් ඒ පිළිබඳව ද විස්තරයක් කළේය. අදියර I පුහුණුකරුවන්ගේ පාඨමාලාවට සහභාගිවන පුහුණුකරුවන් අන්තර දිස්ත්‍රික්ක පළාත් පුහුණුකරුවන් වෙතින් එම පළාත්වලම දින හතරක වැඩමුළුවකට මුලින්ම සහභාගිවෙති. ඉන් සමත්වන අයට සහතික පත්‍ර ප්‍රදානය කරන අතර ඔවුන් පුහුණුව ලබාදෙන ස්ථානවලදීම ඔවුනට තෙමසක පුහුණුවක් ලබාදෙන්නේ ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ ක්‍රිකට් අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය. ඉන් සුදුසුකම් ලබන අයට පුහුණු බලපත්‍ර ලබාදෙන අතර ඔවුන් වසර දෙකකට වරක් තම දැනුම නැවත සනාථ කර ඒවා අලුත් කරගත යුතුවේ. එම කාලයේදී නව නීති කළින් කලට වෙනස්වන පුහුණු ක්‍රම පිළිබඳවද ඔවුන් දැනුවත් කැරේ. වාර්ෂිකව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වන අතර ඔවුන් පාසලක හෝ ක්‍රීඩා සමාජයක පුහුණුකරවකු ලෙස සේවය කළ යුතුය. මෙම පාඨමාලාව වසරකට හය වතාවක් පැවැත්වෙනු ඇත.

          අදියර II පුහුණුකරු පාඨමාලාවට ඉල්ලුම් කළ හැකිවන්නේ අදියර I වසර තුනක් සේවය කර ඇති දක්ෂ ක්‍රියාශීලි පුහුණුකරුවන්ටය. වසරකට අදියර II පාඨමාලා දැනට එකක් පැවැත්වෙන අතර ඉල්ලුම අනුව එය දෙවරක් පැවැත්වීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි හේෂාන් ද මෙල් පවසයි.

          අදියර IIට 20දෙනෙකු බදවා ගන්නා අතර ඔවුන් අදියර I සමත්ව පාසලක හෝ ක්‍රීඩා සමාජයක ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කර තිබිය යුතුවේ. මොවුන් කොළඹදී දින හයක පාඨමාලාවකට සහභාගි කරවති. ඊට අමතරව මාස 11ක් තුළදී ඔවුනට ලබාදෙන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පැවරුම් (Assignment) හයක් ඉදිරිපත් කර ඒවා සමත්විය යුතු බවද හේෂාන් ද මෙල් ප්‍රකාශ කරයි. ඉන් සමත් වන අයට සහතිකපත්‍ර පිරිනැමෙන අතර ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සේවය කිරීමේ අවස්ථාව උදාවේ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest