slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2019
තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව වීම මා පුද්ගලිකව ලත් ජයග්‍රහණයක් නොවේ – දක්ෂම ක්‍රීඩිකාව හර්ෂිතා පවසයි

Sri Lanka Cricket

කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන් ලැබෙන ගෞරවය මා පුද්ගලිකව ලබන ජයග්‍රහණයක් නොවේ. මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරිය‍ට ඒමට අතදුන් සියල්ලටම එහි ගෞරවය හිමිවිය යුතුබව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ මහනුවර නායිකාව හර්ෂිතා මාධවී ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියට ප්‍රකාශ කළාය.

ජාතික සංචිතයේ ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් රැසක්ම සිටියදී මා හට දක්ෂම ක්‍රීඩිකාව වීමට අවස්ථාව ලැබීම ගැන මා සතුටුවනවා. මේ සාර්ථකත්වය ලබා ගැනීමට මා හට ඒමට සිදුවූ දීර්ඝ ගමනේදී ඒ පිටුපස සිටි සියල්ලම මා පෞද්ගලිකව ස්තූතිවන්ත වනවා.

මා මුලින්ම ස්තූතිවන්ත විය යුත්තේ මගේ පවුලේ සාමාජිකයන්ටයි.මගේ පවුලේ ඉන්නේ මමයි අයියයි අම්මයි තාත්තයි. අයියා මා සමග කුඩා කළ ක්‍රිකට් ක්‍රීඩා කළා. මගේ ක්‍රිකට් ආරම්භය එයයි. ඒත් අයියා ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතරම් දුරට ගියේ නෑ.අම්මයි තාත්තයි අයියයි මට කුඩාකළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට උදවු කළා. ධෛර්ය දුන්නා. අම්මයි තාත්තයි පොලීසියේ සේවය කළා. සාමාන්‍ය පෙළ සමත් වන තුරුම මා ඉගෙන ගත්තේ ගෝතමී බාලිකා විදුහලේ. එහි මගේ ක්‍රිකට් පුහුණුකරු වූයේ ලලන්ග රාජපක්ෂයි. වසර ගණනාවක් මා ඔහු යටතේ පුහුණුවූවා.

මා ‍නුගේගොඩ අනුලා විදුහලට ඇතුළුවූයේ උසස්පෙළ හැදැරීමටයි. අනුලාවේ මගේ පුහුණුකරු වූයේ සහන් දේශප්‍රියයි.  අනුලාවේදී  මා වැඩිපන්නරයක් ලැබුවා.  ඉන්පසුව පුහුණුවට  ශ්‍රී ලංකා එක්දින නායිකාව ශශිකලා සිරිවර්ධන අක්කාගේ සහය මට ලැබුණා. නාවික හමුදාවට ඇතුලුවූ පසු ශ්‍රීදරන් රාමචන්ද්‍ර යටතේ වැඩිදුරටත් පුහුණුවූවා යැයි හර්ෂිතා පවසයි. හර්ෂිතා මේ තරගාවලියේ දී ඉනිම තුනකදී ලකුණු 128ක් ලබා ඉනිමක හොදම සාමාන්‍ය ලකුණු 64ක් රැස්කළාය.

අවසාන තරගයේ දක්ෂම ක්‍රීඩිකාව හා හොදම පන්දු යවන්නිය ශෂිකලා සිරිවර්ධන මෙසේ කියයි.

අවසාන තරගයේදී ප්‍රබල කොළඹ කණ්ඩායම ලකුණු 98කට සීමා කරගැනීමට අපගේ දඹුල්ල කණ්ඩායමට හැකිවීම අපලත් ප්‍රධාන ජයග්‍රහණයක් ඔවුන් සතුව ජාතික සංචිතයේ ප්‍රබල පිතිකාරිණියන් පහක් සහ පන්දුයවන්නියන් පහක්ම සිටියායැයි ශෂිකලා සිරිවර්ධන කියයි.

අපට ක්‍රීඩා කිරීමට සිදුවූයේ තරුණ ළමයි වැඩිපු අපගේ කණ්ඩායමට ඇතුළත් කරගෙනයි. ඒත් ඔවුන් තම කාර්යයන් හරිහැටි ඉටුකිරීම නිසා අපට පහසුවෙන් කුසලානය දිනාගත හැකිවූ බව ශෂිකලා වැඩිදුරටත් පැවසූවාය. අවසාන තරග‍යේදී ශෂිකලා නොදැවී ලකුණු 56ක් (පන්දු 41) සහ ලකුණූ 21ට කඩුලු 02ක් බිදදැමුවාය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar