slc
Home   |    News
නොවැම්බර් 6, 2019
දක්ෂතම කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බිහිවීම අතළගයි ජාතික පුහුණුකරු හර්ෂ කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ දක්ෂතා මත ඉදිරි වසර දෙක වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු සූරියන් වීමටත් ලොව ප්‍රධාන කණ්ඩායමක් බවට පත්වීමටත් නිසි මග පෙන්වීම යටතේ අවස්ථාව සැළසෙනු ඇතැයි මෙරට කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා කාන්තා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ආසියානු කුසලතා තරගාවලියේ දක්ෂතා සහ කාන්තා ක්‍රිකට් අනාගත අභිවෘද්ධිය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී හර්ෂ ද සිල්වා එසේ තම අදහස් දැක්වීය. ඒ පිළිබදව ඔහු තවදුරටත් සවිස්තරාත්මකව පළකල අදහස් පහත දැක්වේ.

ප්‍රශ්නය :-   නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේදී පෙන්වූ දස්කම් පිළිබදව සෑහීමකට පත්විය හැකිද?

උත්තරය :-  අපේ නැගී එන ක්‍රීඩිකාවන් ක්‍රීඩාකළ ආකාරය පිළිබඳව කාටත් සතුටුවිය හැකියි. කුසලානය දිනාගන්න තරමට අපගේ ක්‍රීඩිකාවන් දක්ෂයි. අපට කුසලානය අහිමි වූයේ  සුළු වැරදි දෙක තුනකින්. අනාගතයේදී ඒ සියල්ල සාර්ථකව විසදේවී.

ප්‍රශ්නය :-   අපගේ එම ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔබ දකින්නේ කුමන ආකාරයටද ?

උත්තරය :- කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් එකළොස්දෙනාගෙන් අටදෙනෙකුම ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන්. සංචිතයේ 15න් තවත් පස්දෙනෙකුම ජාතික සංචිතයේ පුහුණුව ලබනවා. මේ තරගාවලියට මොවුන් සූදානම් වූයේ වසර දෙකක සිටයි. පසුගිය වසර තුළ පමණක් ඔවුන් දැඩි කැපවීමකින් පුහුණුව ලැබුවා. සාර්ථකත්වය එයයි.

 ප්‍රශ්නය :- ක්‍රීඩිකාවන් අතුරින් විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩිකාවන් නම් කළ හැකිද ?

උත්තරය :- කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපනායිකාවයි.                  ඇය දක්ෂම පිතිකාරිණියක් වගේම හොදින් කණ්ඩායමට නායකත්වය දෙනවා. කවීෂා දිල්හාරි තුන් ඉරියව්වේම කැපී පෙනෙන දක්ෂ ක්‍රීඩිකාවක් ඊට අමතරව උමේෂා තිමාලි, සත්‍ය සංදීපනී, ඉමල්කා . සචිනි නිසංසලා හා තාරිකා සෙව්වන්දි දක්ෂ ක්‍රීඩිකාවන් ලෙස මා දකිනවා.

ප්‍රශ්නය :-   මේ කණ්ඩායම දැනට පසුවන්නේ කුමන ස්ථාවර තත්ත්වයකද ?

උත්තරය :- ඔවුන් දැනට ආසියානු අනුසූරියන් ඔවුනට ආසියානු සූරියන් වීමට වැඩිකල් ගතවන්නේ නෑ අනාගතයේ ලොව හොදම කණ්ඩායම් අතරට ඔවුන් එක්වේවි.

ප්‍රශ්නය :-   කණ්ඩායමේ දුර්වලතා මොනවාද?

උත්තරය :-  සුළු දුර්වලතා ඇතත් ඒවා ඉක්මණින් සකසා ගත හැකි බව මගේ විශ්වාසයයි. පළපුරුද්දෙන් සියල්ල නිසිමගට ඒවි.

ප්‍රශ්නය :-   අනාගත සැළසුම් විස්තර කළ හැකිද?

උත්තරය :-  දැන් අප කලාපයේ සූරියන්වන්නේ ඉන්දියාවයි. අප ඔවුන් සමග කරට කර සිටිනවා. ඉක්මණින් ඔවුන් අභිබවා යන්න ඕනි. කෙටි කාලයක් තුළ එය ඉටුවන ආකාරය ඔබ සැමට දැකගත හැකියි.

ප්‍රශ්නය :-   අනාගත ක්‍රිකට් තරගාවලියන් පිළිබඳව විස්තර කරන්න

උත්තරය :-  ලබන දෙසැම්බර් 1 සිට 10 දක්වා අප නේපාලයේදී දකුණු ආසියා තරගාවලියට සහභාගිවනවා. අපගේ අරමුණ එය ජයගැනීමයි. 20-20 එම තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගිවනවා. 2021 කාන්තා ලෝක කුසලාන තරගාවලියට දක්ෂම කණ්ඩායමක් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

ප්‍රශ්නය :-   ඔබ කියන්නේ කාන්තා ක්‍රිකට් අනාගතය සුබදායකයි කියලද?

උත්තරය :- නිසිමග පෙන්වීම යටතේ ඉතාමත් සුබදායකයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest