slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2019
නැගී එන ක්‍රීඩකයන් පිළිබදව ඉක්මන් නොවිය යුතුයි – ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම අප ගොඩනගන්නේ දීර්ඝකාලීන සැළසුමක් ඇතිව යැයි ද එසේ ඉදිරියට එන ක්‍රීඩකයනට ජාතික කණ්ඩායමට ඇතුලුවූ පසු දීර්ඝ කාලයක් එහි රැදීසිටීමට අවස්ථාව උදාවන්නේ යැයි නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම්වල ආසියානු කුසලාන තරගාවලියට යාමට පෙර (12) ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 19දී ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේම ක්‍රිකට් අනාගතය තරග දෙක තුනකින් නිමවූ බව අප හොදටම දන්නවා. එවැනි අය අපට නම්කරන්නත් පුළුවන්. එමර්ජින් (නැගීඑන) ක්‍රීඩකයන් එසේ නොවෙයි. ඔවුන් අවුරුදු 23න් පහළ අයයි. දිගින් දිගටම ලකුණු අතර සිටිමටත් කඩුලු ලබා ගැනීමටත් අප ඔවුන් නිරන්තරයෙන් පුහුණුකරනවා. තව වසර තුනහතරක් යනවිට මොවුන්ගෙන් අතර හතර පස්දෙනෙකුම ජාතික කණ්ඩායමේ ස්ථීර ක්‍රීඩකයන් වන බවටත් මා තුළ තදබල විශ්වාසයක් ඇතැයි ද චමින්ද වාස් පවසයි.

නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ගැන මම යමක් කියන්නම්. පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, විනෝද් භානුක, චරිත් අසලංක ,කමිදු මෙන්ඩිස්, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු දිගටම ලකුණු අතර සහ කඩුලු අතර සිටිනවා කාටත් දැකගැනීමට පුළුවන්. අපට අවශ්‍ය වන්නේ මොවුන් ඉක්මණින්ම ජාතික තලයට තල්ලු කර ඔවුනගේ ක්‍රිකට් අනාගතය විනාශ කිරීමට නොවේ මොවුන් දිගටම ලකුණු අතර සහ කඩුලු ලබා ගැනීම් අතර සිටීමෙන් වසර තුනක් පමණ ගතවන විට ඔවුනට ජාතික කණ්ඩායමේ ස්ථීර ක්‍රීඩකයන් වීමට සහ දිගුකළක් ක්‍රීඩාකිරීමට හැකිවන්නේ යැයි ද වාස් කියයි.

“ක්‍රීඩකයනට අත්දැකීම බහුලව ලබාගැනීමෙනුත් ස්ථාවර මානසික මට්ටමකට පත් වීමෙනුත් දීර්ඝ ගමනක් යාමට මග විවෘත වනවා ලකුණු ගහපු පළියට එකවර මේ ලාබාල ක්‍රීඩකයන් ලොව ප්‍රබලම ටෙස්ට් හෝ එක්දින කණ්ඩායම් සමග තරග වැදීමට නොයැවිය යුතුබව මගේ පුද්ගලික අදහසයි නිසිකලට මොවුනට නියම ස්ථානය හිමිවේවි. 2023 ලෝක කුසලානයට වත්මන් එමර්ජින් කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර පස්දෙනෙකුම ක්‍රීඩාකරාවි යැයි මම විශ්වාස කරනවා.”

ඒත් දඟ පන්දු යවන්නන් පිලිබදව අපට වෙනත් ආකාරයකින් සිතන්නට සිදුව තිබෙනවා ඊට හේතුව ප්‍රබල දගපන්දු යවන්නන්ගේ අඩුවකින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙළීමයි. ඒ අනුව අමිල අපොන්සු සහ රමේෂ් මෙන්ඩිස්ට වේලාසන ජාතික කණ්ඩායමට යාමට අවස්ථාව උදාවෙයි. කෙසේවුවත් තමාගේ පුද්ගලික මතය නම් 19න් පහළ කණ්ඩායමෙන් පසුව නැගී එන හා ඒ කණ්ඩායම් වලට ක්‍රීඩාකර ක්‍රමානුවකූලව ඉදිරියට යාම ක්‍රීඩකයන්ගේ අනාගතයට සුදුසු බව යැයි චමින්ද වාස් පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee