slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2019
“මගේ නමින් ප්‍රවේශ දොරටුවක් විවෘත කිරීම මට කළ ගෞරවයක්” අනුර තෙන්නකෝන්

Sri Lanka Cricket

මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී (සිංහල ක්‍රීඩා සමාජ) ක්‍රීඩාංගණයේ ප්‍රවේශ මාර්ගයක් (දොරටුවක්) තමාගේ නමින් නොවැම්බර් මස පළවැනිදා විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රීඩකයෙකු ලෙස සහ ක්‍රිකට් පරිපාලකයෙකු ලෙස රට දැය වෙනුවෙන් කළ සේවයට තමාට පිරිනමන ගෞරවයක් ලෙස සළකන බව ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු වන දේශබන්ධු අනුර තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

1965 වසරේ සිට 1979 දක්වා වසර 14ක් ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති අනුර තෙන්නකෝන් 1975 සහ 1979 එංගලන්තයේ පැවැති ප්‍රථම හා දෙවන ලෝක කුසලාන (පෘඩෙන්ෂල් කප්) තරගාවලියන් දෙකේදීම ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. ඔහු 2000 වසරේ සිට 2003 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ලෙසද සේවය කළේය.

1962 සිට 1966 දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අනුර තෙන්නකෝන් අවසාන වසරේ එහි නායකත්වයද දැරීය. ඔහු ලංකා කණ්ඩායම නියෝජනය කළේ 18 හැවිරිදි පාසල් සිසුවෙකුව සිටියදීමය. අනුර උපත ලැබුවේ 1946 ඔක්තෝම්බර් මස 29 වැනිදා අනුරාධපුර මහරෝහලේදීය. අනුරගේ පියා එවක අනුරාධපුර ප්‍රධාන ආදායම් පාලක නිලධාරියාය. (ඩී.ආර්.ඕ) ඔහු 1958 – 59 වසරේ විශ්‍රාම ලැබුවේ කොළඹ මහ දිසාපති ලෙසිනි.

එක්දහස් නවසිය හැට හා හැත්තෑව දශකයන්හි ලංකාවෙන් බිහිවු අග්‍රඝණයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුවු අනුර තෙන්නකෝන් තාක්ෂණයෙන් පිරිපුන් දකුණත් පිතිකරුවෙකි. වමතින් පා දගපන්දු යැවීය. පළමු ශ්‍රේණියේ (ශ්‍රී ලංකාවට ටෙස්ට් ලැබීමට පෙර) තරග 61කදී ලකුණු 3481 ක් (කිල නොවන ටෙස්ට්) ලබා ඇත්තේ ඉනිමක සාමාන්‍ය ලකුණු 36.3ක් ලබමිනි.අනුර 1974දී විවාහවූයේ බ්‍රිගේඩියර් ඩග්ලස් රාමනායකගේ දියණිය නෙලුන් සමගය.

එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ මාධ්‍යකුටිය අසළ ප්‍රවේශ දොරටුව 2019 නොවැම්බර් 1 සිට අනුර තෙන්නකෝන් ප්‍රවේශය නමින් විවෘත කැරේ. ඕස්ට්‍රේලියාව එංගලන්තය හා කොදෙව් දූපත් හි ප්‍රධාන ක්‍රීඩාංගණයන්හි දොරටුද මෙලෙස එම රටවලින් බිහිවු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ නම් වලින් හදුන්වා ඇත. නොවැම්බර් 1 වැනිදා පැවැත්වෙන අනුර තෙන්නකෝන් ප්‍රවේශ දොරටු විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් එස්.එස්.සී සමාජයේ ප්‍රධානීන් හා අනුර තෙන්නකෝන්ගේ  සමකාලීන ක්‍රීඩකයන්ද නෑදැහිතමිතුරන් ද සහභාගිවීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee