slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2019
ලෝක කුසලානයට පෙර තවත් තරගාවලියක් සංවිධානය වනවා නම් හොඳයි – ගාල්ල නායිකාව නිලක්ෂි ද සිල්වා කියයි

Sri Lanka Cricket

අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ ක්‍රීඩා කරන්නේ මෙවැනි තරගාවලියකදී පමණක් හෙයින් මේ තරගාවලිය වැදගත්වනවා. යහපත් දේශගුණික තත්ත්වයක් තිබී එක් කණ්ඩායමක් සමග තරග දෙක බැගින් තරග හයකටවත් ක්‍රීඩාකළා නම් අපට හොඳටම පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබූ බව ගාල්ල කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා ප්‍රකාශ කරයි.

මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් වැඩිම ප්‍රයෝජන අත්වන්නේ නැගී එන තරුණ ක්‍රීඩිකාවන්ගේ කණඩායමටයි. ඊට හේතුව වන්නේ ඔවුන් දෙසැම්බර් මස මුලදී නේපාලයේ සාග් තරගාවලියට සහභාගිවන නිසා මෙහිදී ප්‍රබල ජාතික ක්‍රීඩිකාවන් සමග තරගවැදී නේපාලයට ගියවිට එහිදී තරග කිරීම ඔවුනට පහසුවනවා. අනෙක් අතින් ලෝක කුසලානයට යන සියළුම ක්‍රීඩිකාවනට මෙය හොඳ පෙරහුරු තරගාවලියක් යැයි නිලක්ෂි ද සිල්වා කියයි.

          ක්‍රිකට් ආයතනය ලබාදෙන පහසුකම් පිළිබදව ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සියල්ල සතුටුවනවා. අපට ක්‍රීඩාංගණයේ මැද තණතිල්ලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව වැඩිපුර ලබාදෙනවා නම් වඩා හොදයි.ඒ වගේම දේශගුණයෙන් මේ තරගාවලියට වැඩිපුර බාධා ඇතිවනවා නම් ලෝක කුසලානයට යාමට පෙර තවත් තරගාවලියක් සංවිධානය කර දෙන මෙන් මා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිනවා යැයි ගාල්ල නායිකාව කියයි.

          අපට මේ තරගාවලියේදී ලොකු දෙයක් කිරීමට ශක්තියක් තිබූ බව මගේ විශ්වාසයයි. ඊට හේතුව මා සමග උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර අනුෂ්කා සංජීවනී,මධුශිකා මෙත්තානන්ද සහ මල්ෂා ෂෙහානී වැනි ප්‍රබලම ක්‍රීඩිකාවන් කණ්ඩායම ඇතුළත්ව තිබීමයි. අපගේ අපේක්ෂාව වී තිබුණේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීම බවද නිලක්ෂි ද සිල්වා පැවසූවාය.

ගාල්ල පුහුණුකරු රෝහිත පෙරේරා මෙසේ කියයි.

උත්පත්තියෙන්ම ක්‍රීඩාවට දක්ෂ තරුණ ළමයි අපේ කණ්ඩායමේ සිටිනවා. අපට තිබෙන්නේ ඔවුන් ඔපමට්ටම් කරදීම පමණයි. කෙටිකාලීන  හා දීර්ඝ කාලීන දෙආකාරයෙන්ම පුහුණු කළ යුතු ක්‍රීඩිකාවන් අප සතුයි. මෙවැනි තරගාවලි ඔවුනට විශාල පිටුවහලක්.

ජ්‍යෙෂ්ට ක්‍රීඩිකාවන් පිළිබදව කිවහොත් යශෝධරා මෙන්ඩිස් ජාතික කණ්ඩායමෙන් ආරම්භක පිතිකාරිණියයි. අනූෂා සංජීවනි ආරම්භක පිතිකාරිණියක් හෝ අංක තුනෙහි ක්‍රීඩාකරනවා. නායිකාව නිලක්ෂි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක්. උදේශිකා ප්‍රබෝධනී ජාතික කණ්ඩායමේත් ආරම්භක පන්දු යවන්නියයි. ඉනෝකා රණවීර වඩා දක්ෂ ලෙස පා දග පන්දු යවනවා. අප සතුව සමබර කණ්ඩායමක් සිටිනවා යැයිද ගාල්ල පුහුණුකරු රෝහිත පෙරේරා කියයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee