slc
Home   |    News
නොවැම්බර් 29, 2019
සියලු ප්‍රිමියර් ක්‍රිකට් සමාජයන්ට පුහුණු හා තාක්ෂණ දැනුම

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අන්තර් සමාජ ප්‍රිමියර් ‘ඒ’ සහ ‘බී’ ක්‍රීඩා සමාජයන්ට සපයන සුදුසුකම්ලත් ප්‍රවීණ පුහුණුකරුවන්ගේ සේවා ආධාර සහ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් තාක්ෂණයෙන් දැනුවත් කිරීම යන වැඩපිළිවෙල මගින් එම ක්‍රීඩා සමාජයන්ට පරිණත තත්ත්වයකට පත්වීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩා සමාජයන්හි සේවයට පිළිගත් අදියර I හෝ II පුහුණු පාඨමාලා සමත් අත්දැකීම් ඇති ප්‍රවීණ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට අප ආයතනයෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයනවා. ඊට අමතරව ඔවුනට අවශ්‍ය ජාත්‍යන්තර තාක්ෂණ දැනුමත් ලබාදෙනවා.මෙයින් අප අපේක්ෂා කරන්නේ අන්තර් සමාජයන්හි ප්‍රමිතීන් උසස්ම මට්ටමකට ගෙන ඒම යැයි ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න ප්‍රකාශ කරයි.

තෝරාගත් පුහුණුකරුවන්ට අවශ්‍ය වැඩිදුර පුහුණුව සැපයීම, ඔවුනගේ කටයුතු අධීක්ෂණය කිරීම හා වසර පුරා වරින්වර පාඨමාලා පැවැත්වීමද ක්‍රමවත්ව ක්‍රිකට් ආයතනය මගින් සිදුකරන බව පවසන දේශීය ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මෙයින් උසස්ම ප්‍රතිඵල පෙන්වන පුහුණුකරුවන්ට ජාතික, නැගීඑන, අවුරුදු 23න් පහළ, අන්තර් පළාත් හා සංවර්ධන කණ්ඩායම්හි පුහුණුකරුවන් ලෙස සේවය කිරීමටද අවස්ථාව උදාවන්නේ යැයිද කීය.

ක්‍රිකට් ආයතනයේ බුද්ධි කේන්ද්‍රයේ කළමණාකරු සම්පත් හෙට්ටිආරච්චි ප්‍රකාශ කරනුයේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ හැසිරවීම සියයට 78ක්ම ඇත්තේ තාක්ෂණයමත බවය. මෙය ජාතික මට්ටමේත් ජාත්‍යන්තර මට්ටමේත් ඉහළින්ම ක්‍රියාත්මකවනවා. පුහුණුකරුවනගේ පමණක් නොව ක්‍රීඩකයනගේත් සියලු දත්ත අප එක්රැස්කර තිබෙනවා. ඔවුනගේ දක්ෂතා ප්‍රගුණ කරගැනීමටත් දුර්වලතා මගහැර ගන්නා අයුරුත් විශ්ලේෂණ හා වැඩමුළු මගින් පෙන්වා දෙනවා. මොවුන් පිළිබඳව මාසිකව වාර්තා ද ඉදිරිපත් කිරීම සිදුවනවා.

එපමණක් නොව ක්‍රීඩාංගණ හා තණතිලිවල තත්ත්වන් ඒවා හැසිරෙන ආකාරයන්ද මෙම තාක්ෂණ ක්‍රමයෙන් පිළිබිඹුවනවා. කාසියේ වාසිය දිනු පසු ගතයුතු තීරණයන් මොනවාද ප්‍රතිවාදී පිතිකරුවනගේ පන්දු යවන්නන්ගේ පන්දු රකින්නන්ගේ දුර්වලතා හා දක්ෂතා අවබෝධ කරගෙන ක්‍රීඩා කිරීම තරම් අද තාක්ෂණ ක්‍රමවේදයන් දියුණුව ඇතැයිද සම්පත් හෙට්ටිආරච්චි පවසයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest