ලබන වසර මුල පැවැත්වෙන අවුරුදු 19න් පහළ මීළග ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි වැනි ප්‍රබල කණ්ඩායම් දෙකක් සමග තරග වැදී හොද පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව ලැබීම ගැන කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් සතුටුවන බව ශ්‍රී ලංකා 19න් පහළ නායක නිපුන් ධනංජය සිකුරාදා රාත්‍රී කොදෙව් දූපත් බලා යාමට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී පැවසීය.
කොදෙව් දූපත්හි තණතිලි එතරම් වේගවත් නෑ.ඒ වගේම ඒවා දගපන්දු යවන්නන්ටත් වේග පන්දු යවන්නන්ටත් එකවගේම සහය ලැබෙනවා.බොහෝ දුරට අපේ තණතිලි වගෙයි. අපගේ අපේක්ෂාව කොදෙව් දූපත්හි අප සහභාගිවන තරග හතෙන් වැඩිපුර ප්‍රමාණයක් ජයගෙන ලෝක කුසලානයට හොදින් මුහුණ දීම යැයි ශ්‍රී ලංකා 19න් පහළ නායකයා පවසයි.
මේ තරගාවලියට සහභාගිවන්නේ ශ්‍රී ලංකාව සතු 19න් පහළ හොදම කණ්ඩායමයි. මෙහිදී අත්දැකීම් රැසක්ම අපට ලබාගත හැකියි. සියළු තරග පැවැත්වෙන්නෙ ඇන්ටිගුවාහි ක්‍රීඩාංගණ දෙකකයි. කොදෙව් දූපත් බලා යාමට අපට දින හතරක් පහක් පමණ ප්‍රමාදවූවා. ඒත් අප දිගටම හොදින් පුහුණුව ලබා සිටින හෙයින් තරගාවලියට හොදින් මුහුණ දීම ප්‍රශ්ණය නොවන බවද ධනංජය කියයි.
19න් පහළ ක්‍රීඩකයන්ගේ අනාගත සැලසුම් පිළිබදව විමසූ විට නිපුන් ධනංජය මෙසේ පැවසීය. මේ තරගාවලියට යන ක්‍රීඩකයන්ගේ හොදම 11දෙනා ලෝක කුසලාන තරගාවලියටත් යනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමා ඇතුළු කණ්ඩායමේ අඩක් පමණම පාසල්වලට සමුදෙන හෙයින් අන්තර් සමාජවලට ක්‍රීඩා කිරීමට හා රැකියා පුහුණුව අපේක්ෂා කරන බවද කීවේය.
කණ්ඩායමේ කළමණාකරු ෆර්විස් මහරූෆ් පැවසූවේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පසුගිය මාස කිහිපය තුළ එතෙරදී හා මෙතරදී විදෙස් කණ්ඩායම් රැසක් සමග තරගවැදී සාර්ථක පුහුණුවක් ලබා ඇති හෙයින් ඔවුන් කොදෙව් දේශයේත් ලෝක කුසලාන තරගාවලියේත් දස්කම් පෙන්විය යුතුබවය.
බන්දුල මොල්ලිගොඩ