slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2019
රාවල්පින්ඩි ඌෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක පහයි අප සියල්ලටම සූදානම් – කළමණාකරු අසන්ත ද මෙල් පවසයි

Sri Lanka Cricket

රාවල්පින්ඩි නගරයේ මේ කාලයේ ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක පහක සීත දේශගුණයක් දිවා කාලයේ එම තත්ත්වය මදක් අඩුයි. 11වැනිදා ඇරැඹෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තරග ආරම්භයේ පන්දුව මදක් දෝලනය වූවත් තුන්වන හතරවන දිනවල තණතිල්ල වේගපන්දු දග පන්දු දෙකටම සාමාන වන (ෆ්ලැට්විකට්) බවට පත්වනවා. ඒ නිසා අපගේ අපේක්ෂාව වේගපන්දු යවන්නන් දෙදෙනෙකු දග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු යොදා තරග කිරීම යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් පාකිස්තාන ක්‍රිකට් සංචාරය පිළිබඳව ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ආරක්ෂාව පිළිබදව අප දැඩි සැළකිල්ලකින් පසුවනවා. ක්‍රීඩකයන් සියල්ලටම කියා තිබෙනවා හෝටලයෙන් පිටත නොයන ලෙසට එසේ යනවා නම් මගෙන් සහ පාකිස්තාන ආරක්ෂක අංශයේ අවසර ගතයුතුයි. අවසර දුන්නොත් වෙන්නේ ඔවුනට යාමට වෙඩි නොවදින රථ (බුලට්පෲෆ්) සැපයීම සහ යන ස්ථානය වටා සියයකට අධික ආරක්ෂා භටයන් යෙදවීමයි.

          පාකිස්තානය අප කණ්ඩායමට ප්‍රභූ ආක්ෂා සපයනවා. ඔවුන් ආරක්ෂාව පිළිබදව පසුවන්නේ දැඩි සැලකිල්ලකින්. ඊට හේතුව යම්කිසි සිදුවීමක් සිදුවුවහොත් ඔවුනගේ රටතුළ ක්‍රිකට් තරග (ජාත්‍යන්තර) පැවැත්වීම සදහටම නැතිවේව්. 11 වැනිදා ඇරැඹෙන රාවල් පින්ඩ් ප්‍රථම ටෙස්ට් තරගයේදීත් 19 වැනිදා කරච්චියේ දෙවන ටෙස්ට් තරගයේදීත් ආරක්ෂාව පිළිබදව අප අපේ පැත්තෙන් ඔවුනට දිය යුතු උපරිම සහයෝගය ලබාදිය යුතුයි අසන්ත ද මෙල් පැවසීය.

සුරංග ලක්මාල් අසනීප මත තරගාවලියට සහභාගි නොවීම පාඩුවක් හේතුව ඔහු රිවර්ස් ස්වින්ග් පන්දුව ඉතා දක්ෂ ලෙස යැවීමයි. මේ කාර්යය අසිත ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දු සහ කසුන්රාජිතත් හොදින් ඉටුකරාවි යැයි අප අපේක්ෂා කරනවා.

උපදේශ පුහුණුකරු මිකී ආතර් අපේ ක්‍රීඩකයන් අතර දැන් ජනප්‍රියයි. ඔහු සමග ක්‍රීඩකයන් හිතවත්ව කටයුතු කරනවා ඔහුගෙන් උපරිම සේවය අප ඉදිරියේදී ගත යුතුව ඇතැයි කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මෙල් වැඩිදුරටත් කීය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee