slc
Home   |    News
දෙසැම්බර් 13, 2019
තෙවැනි දින තරගය දිවා ආහාරයෙන් පසු ඇරඹෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (13 දා) දිනයේදීත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය දිවා ආහායෙන් පසුව හෙවත් පෙ.ව. 1.10 ට ආරම්භ කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. ප.ව. 11.30 වන තෙක්ම ප්‍රධාන තණතීරුව හා ඒ අවට ප්‍රදේශය වැසි ආවරණ වලින් වසා තැබුණද මේ වන විට ඒ සියල්ල ඉවත් කොට තරගය පැවැත්වීම සඳහා සියළු කටයුතු සූදානම් තිබෙන අයුරු දැක ගන්නට තිබේ.

අළුයම් කාලයේ සිට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ මැද කොටස පමණක් වැසි ආවරණ වලින් වසා තැබීමට පියවර ගෙන තිබුණද යාර 30 ක සීමාවෙන් එපිට කොටස ආවරණය කිරීමට පිණ්ඩි ක්‍රීඩාංගණයේ සේවයේ නියුථු පිරිස කටයුතු කර නොතිබුණි. මේ තත්ත්වය මත යාර 30 සීමාවේ සිට හතරේ සීමාව දක්වා වූ ප්‍රදේශ තද තෙත බරිත තත්ත්වයක් හට ගෙන තිබුණු නමුත් සුපර් සොපර් යන්ත්‍ර සහ විදුලි ආලෝකය භාවිතයෙන් එම ප්‍රදේශය ක්‍රීඩා කළ හැකි මට්ටමට ගෙන ඒමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය කටයුතු යෙදුවහ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙන් නොව ඉතා අඩු සේවක සංඛ්‍යාවක් ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ කටයුතු කිරීම මත තරගය මෙතරම් ප්‍රමාද වී ආරම්භ කිරීමට හේතුව බව පැහැදිළිවම දැක ගත හැකි විය. දැක ගැනීමට හැකි වූ පරිදි පිණ්ඩි ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලය 20 දෙනෙකු පමණ වූ අතර ඒ පිරිස තණතීරුව වසා ඇති වැසි ආවරණ ඉවත් කිරීම සඳහාවත් ප්‍රමාණවත් නොවිණ.

තෙවැනි දිනය වන අද දිනයේදී පූර්ණ දිනයේම තරග පැවැත්වුණේ නම් පන්දුවාර 90 ක් යැවිය යුතු වුවත් ප්‍රමාද වී හෙවත් ප.ව. 1.10 ට තරගය ආරම්භ කොට ප.ව. 3.40 ය දක්වා තරගය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කෙරුණද තෙවැනි දිනය තුළ කොපමණ පන්දු වාර සංඛ්‍යාවක් යැවිය යුතුද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීමට තරග බලධාරීන් පියවර ගෙන නොතිබිණ.

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දින අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 263 ක් ලබා සිටි අතර ධනංජය ද සිල්වා ලකුණු 72 ක්ද ඩිල්රුවන් පෙරේරා ලකුණු 02 ක්ද ලබා තෙවැනි දින ආරම්භයේදී පන්දුවට පහර දීමේ සූදානමින් සිටිති.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest