slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2019
හොදම තුරුම්පුව මිකී ආතර් අප සමග යාමයි – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි

Sri Lanka Cricket

පාකිස්තානයේ හිටපු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ගේ සේවය අපට මේ අවස්ථාවේ ලැබී තිබීම හොදම තුරුම්පුවකි. ඊට හේතුව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දුර්වලතාවන් දක්ෂතාත් දන්නා හොදම පුද්ගලයා මිකී නිසයි. මේ සියළු අංශ පිළිබදව හොදින් සිතා බලා දක්ෂ ලෙස ක්‍රීඩා කර මව්බිමට ගෞරවයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පාකිස්තාන සංචාරයට පිටත්වීමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

රාවල්පින්ඩි නගරයේදී මේ මස 11වැනිදා ඇරම්භවන ප්‍රථම ටෙම්ට් තරගයත් කරච්චියේදී 19වැනිදා ඇරැඹෙන දෙවන ටෙස්ට් තරගයත් අපට ඉතාම වැදගත් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ටෙස්ට් තරගාවලියේ අප සහභාගිවන දෙවන තරගාවලිය මෙය වන නිසාය. පාකිස්තානයේ මේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර දහයකට පසුවයි. මමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි පිරිසක් පාකිස්තානයේ තරග කරන්නේ ප්‍රථමවතාවට යැයිද දිමුත් කරුණාරත්න කීවේය.

පාකිස්තානයේ තණතිලි දේශගුණය ක්‍රීඩක වතගොත හොදින් දන්නා මිකී ආතර්ගෙ සේවය ලංකා කණ්ඩායමට මේ අවස්ථාවේ ලැබීම විශාල රුකුලකි. පසුගියදා පාකිස්තානයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන 20-20 තරගාවලියේත් එක්දින තරගාවලියේත් අපේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළා. අප ඒ සියළු දේ විමර්ෂණය කරනවා. ඒ වගේම පාකිස්තානය පසුගියදා ඕස්ට්‍රේලියාව සමග තරග කළ ආකාරයත් අප විශ්ලේෂණය කරනවා. සියල්ල සලකා හොද ප්‍රතිඵල රැගෙන ඒමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නායකයා කීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම වේග පන්දු යවන්නාවන සුරංග ලක්මාල් මේ තරගාවලියට සහභාගිවන්නෙ නැත්තේ ඔහු ඩෙංගු රෝගයෙන් පෙළෙමින් රෝහල්ගතව සිටින බවත් ඔහු වෙනුවට දැනට නේපාලයේ සාග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන අසිත ප්‍රනාන්දු 12වැනිදා පාකිස්තානයට පැමිණෙනු ඇති බවත් කීවේය.  කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර වේග පන්දු යවන්නන් ලෙසත් නිත්‍ය දගපන්දු යවන්නන් දෙදෙනෙකු සහ ප්‍රබල පිතිකරුවන් රැසක් ලංකා පිලට අයත් බව අසන්ත ද මෙල් පැවසීය.

ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක කීවේ දිමුත් කරුණාරත්න සමග ඕෂද ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රියා කරන බවත් අප 2017දී ඩුබාහිදී පාකිස්තානය පරාජය කර ඇති බවත්ය. මිකී ආතර් මේ තරගාවලියේ උපදේශක පුහුණුකරු ලෙස සහභාගී වේ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee