slc
logo
Home   |    News
ජනවාරි 11, 2020
ක්‍රීඩකයන් සිටින්නේ උසස්ම මානසික තත්ත්වයක – නායක නිපුන් ධනංජය කියයි

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේදී ජනවාරි 17 සිට පෙබරවාරි  9 දක්වා පැවැත්වෙන දහතුන් වැනි අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිපුන් ධනංජය සමඟ ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය කරන ලද සාකච්ඡාවක පැවසූ අදහස් මෙසේය.

ප්‍රශ්නය :-  තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකාව පිළිබඳව ක්‍රීඩකයන් සිටින්නේ යහපත් දැනුවත්වීමකින්ද…?

පිළිතුර :- කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙකු මීට කළින් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරලා නැහැ. ඒත් ප්‍රධාන පුහුණුකරු(හෂාන් තිලකරත්න) සහ කළමණාකරු (ෆර්විස් මහ්රුෆ්) එහි ගොස් ක්‍රීඩාකර අත්දැකීම් ලැබූ අය. ඔවුන් අපට හොදින් දැනුවත් කර තිබෙනවා. ඊට අමතරව පසුගිය වසර තුනේදීම මේ කාලයේදී එරට තණතිලි දේශගුණය හා අදාළ අනෙකුත් කරුණු පිළිබදව දත්ත මගින් දැනුවත්ව සිටිනවා.

ප්‍රශ්නය :-  ලෝක කුසලානයට ඔබ කණ්ඩායමේ පෙර සූදානම කෙසේද‍?

පිළිතුර :-  අප පසුගිය වසරක් වැනි කාලය තුළ ජාත්‍යන්තර තරගාවලියන් රාශියකට සහභාගිවූවා. ආසියානු කුසලාන තරගාවලිය, පාකිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය, ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශය සහ කොදෙව් තුන්කොන් තරගාවලිය වැනි සෑම තරගාවලියකින්ම අප හොද පෙර පුහුණුවක් ලබාගත්තා.

ප්‍රශ්නය :-  මේ තරගාවලියන්ගෙන් පසුව කණ්ඩායම සිටින්නේ කුමන තත්ත්වයකද?

පිළිතුර :- අවසාන මාස කිහිපයේදී අවශ්‍ය වේලාවේදී අප ප්‍රබල තත්ත්වයකට පත්ව සිටිනවා. විශේෂයෙන්ම කොදෙව් සංචාරයෙන් පසු කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන් පසුවන්නේ හොද මානසිකත්වක හා ස්ථාවර තත්ත්වයකයි.

ප්‍රශ්නය :-  ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමේ හොද සැළසුමක් තිබෙනවාද?

පිළිතුර :-  ඔව්. තරගාවලියට පෙර අප 12 වැනිදා දකුණු අප්‍රිකාව සමගත් 14වැනිදා පාකිස්තානය  සමගත් පුහුණු තරගාවලට සහභාගිවනවා. ඉන්පසුව තරගයෙන් තරගයට උචිත අයුරින් සැළසුම් සකස් කිරීමට අප අපේක්ෂාවෙන් පසුවනවා.

ප්‍රශ්නය :-  මෙවර තරගාවලියට සහභාගි වන ප්‍රබලම කණ්ඩායම් කවුද?

පිළිතුර :-  ප්‍රබලම කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි. අපත් හොඳ තත්ත්වයකට පත්ව සිටිනවා. විශේෂයෙන්ම කොදෙව් සංචාරයෙන් පසුව .

ප්‍රශ්නය :-  ආසියානු කණ්ඩායම් වල තත්ත්වය කෙසේද?

පිළිතුර :- ඉන්දියාව ශ්‍රී ලංකාව පාකිස්තානය බංග්ලාදේශය දක්ෂ තත්ත්වයක සිටිනවා

ප්‍රශ්නය :-  ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයන් කවුද?

පිළිතුර :- කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් එක වගේම දක්ෂයි. තරගාවලිය යන ආකාරයෙන් අපට බලාගත හැකියි.

ප්‍රශ්නය :-  අපගේ ලෝක කුසලාන බලාපොරොත්තු මොනවාද?

පිළිතුර :- අපගේ ප්‍රධානම අපේක්ෂාව කුසලානය දිනාගැනීමයි. ඊට අපි උපරිමය යොදනවා. 

ප්‍රශ්නය :-  ශ්‍රී ලංකාවේ ප්‍රබලම අංශය කුමක්ද?

පිළිතුර :-  තුන්ඉරියව්වේම අප මෑතක සිට විශාල දියුණුවක් ලබා තිබෙනවා. මේ අවස්ථාවේ ඒවා ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාවයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee