slc
Home   |    News
ජනවාරි 22, 2020
ටෙස්ට් ක්‍රිකට් දින ගණන් ගැන ප්‍රවීණයන්ගේ අදහස්

Sri Lanka Cricket

දින පහක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දින හතරකට සීමා කළ යුතුද නැද්ද යන්න පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව මීළග සැසිවාරයේදී සාකච්ඡාවකට ගන්නා අතර ලොව පුරා ක්‍රිකට් නායකයන් ක්‍රීඩකයන් සහ ප්‍රවීණයන් මේ දිනවල ඒ පිළිබදව විවිධ අදහස් පළකරති.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය පිරිනැමෙන අවස්ථාවේ ලංකා කණ්ඩායමේ නායකයා මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගයේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුරගෙන් සහ ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවිමට පෙර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අනුර තෙන්නකෝන් ගෙන් ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය මේ පිළිබදව ඔවුනගේ අදහස් විමසූ විට ඔවුන් තම අදහස් පළකළේ මෙලෙසිනි.

ප්‍රථම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර පවසන්නේ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් රතු පැහැති පන්දුවෙන් පස්දින ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ නම් තමා ඊට කැමැති බවය. ප්‍රශ්ණය කාලය හා නරඹන්නන්ට තරග නැරැඹීමට එම අපහසුව නම් දිවා රාත්‍රි විදුලි අලෝක පස්දින ටෙස්ට් තරග පැවැත්වීම කාලෝචිතයි.

ටෙස්ට් තරග දින හතරකදී නිම කිරීමට හැකියැයි තර්ක විතර්ක ඒමට පුළුවනි. එසේනම් අපි ඉතිහාසයේ එවැනි තරග දින හතරකදී නිම වී ඇති ආකාරය පිළිබදව විමර්ශනයක් කළ යුතුයි. තරග දින පහක් නොපැවැත්වූයේ වර්ෂාව මතද වෙනත් හේතූ මතදැයි අතීත තරගවලින් බැලිය යුතුයි. ඒ වගේම මෙතෙක් ටෙස්ට් තරග නිමවීමට කොතරම් දවස් ගතකර ඇද්දැයි බැලිය යුතුයි.

දැන් මේ දිනවල ඕවර දහයේ ක්‍රිකට් තරග ගැනත් කතාබස් කරනවා. ඉදිරියේ කියන්න පුළුවනි දවසට ඉනිම බැගින් දවස් හකරට ටෙස්ට් ඉනිම් හතරපවත්වමු කියා. ඒ තරමට අද ක්‍රීඩාව වාණිජත්වයට බරවෙලා තමාගේ පුද්ගලික හැගීම නම් පාරම්පරික සම්ප්‍රදායානුකූල ටෙස්ට් ක්‍රීඩාව රැකගත යුතුය යන්න බව බන්දුල වර්ණපුර පවසයි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අනුර තෙන්නකෝන් පවසන්නේ දැන් බෙහෝ ටෙස්ට් ක්‍රිකට් තරග දින හතරක් යනවිට නිමාවට පත්වන හෙයින් ටෙස්ට් තරග දින හතරකට සීමා කිරීම වරදක් නොවන බවයි.

ටෙස්ට් තරගයක් දින පහක් වැනි කාලයක් ගෙන යාම වර්තමානයේ අපහසුයි. අප කාලය අනුව වෙනස් විය යුතුයි. දැන් එක්දින තරගත් 20-20 තරගත් බෙහෙවින් ආකර්ෂණීයයි. ටෙස්ට් තරගත් දින හතරකට සීමාකර නව නීති හදුන්වා දුන්නොත් වඩා ජනප්‍රියවේවි.

මම නම් හිතනවා සිව්දින ටෙස්ට් ක්‍රීඩාවෙන් ක්‍රීඩාව වඩා වේගවත්වීමෙන් නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩිවේවි කියලා යැයි අනුර තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ මීළග සැසිවාරය මාර්තු 27 සිට 31 දක්වා ඩුබායි නගරයේ පැවැත්වෙන අතර එහි ක්‍රිකට් කමිටුව මේ පිළිබදව තීරණයකට එළැඹෙනු ඇත.

එම ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් එක්දින හා 20-20 නායකයෙකු වන මහේල ජයවර්ධන ද මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ තම පුද්ගලික මතය නම් පැරැණි පස්දින ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අප රැකගත යුතු බවය. මේ පිළිබදව අප මාර්තු මාසයේදී සාකච්ඡා කරනවා. ටෙස්ට් ක්‍රිකට් යනු ඊටම ආවේනික වූ ක්‍රීඩාවක් එය වෙනස් නොවී දින පහම පවතිනවානම් වඩා හොද යැයි මහේල ජයවර්ධන කියයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest