slc
logo
Home   |    News
ජනවාරි 17, 2020
ඩෙංගු වැළඳුණත් මා දැන් පූර්ණ සුවයෙන් – සුරංග ලක්මාල්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා කණ්ඩායමට එක්වූයේ යෝග්‍යතා පරීක්ෂණ කීපයකට මුහුණ දීමෙන් පසුව බව පවසන ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන සුරංග ලක්මාල්, ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරග 2 දී සිය උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරග සංචාරය වූ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ලක්මාල් ඇතුළත්ව සිටියද පිටත්ව යෑමට දිනකට පෙර ඩෙංගු රෝගය වැළඳීම නිසා අවසන් මොහොතේදී එම තරග සංචාරයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

ඩෙංගු රෝගය සුව අතට පත්වීමේදී විවේකය අත්‍යවශ්‍ය කරුණක් නමුත් කෙටි කාලයක් ඇතුළත ලක්මාල් නැවතත් තරග බිමට පැමිණීම විශේෂත්වයක් වේ. සංචාරයට පිටත්ව යෑමට පෙර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අදහස් දැක්වූ ලක්මාල්, තමාට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය නමුත්, එය මූලික අවස්ථාවක් බැවින් එහි එතරම්ම අවධානමක් නොමැති බවයි.

සිය රෝගී තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්මාල්, “මට වැළදී තියෙන්නේ ඩෙංගු රෝගය බවට ස්ථීර වීමෙන් පසු මා දින 4 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒත් Blood count (රුධිර ගණනය) එක දෙලක්ෂ හැටදහසකට වඩා අඩුවූයේ අටදහසක් වෙනකල් විතරයි. ඒක ඩෙංගු රෝගයේ මූලික අවස්ථාවක් නිසා ඉක්මනින්ම සුව අතට පත් වුණා” යැයි සඳහන් කර සිටියේය.

පාකිස්තානු තරග සංචාරය අහිමි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත්විය. “ඔව්, පාකිස්තානු තරග සංචාරයට සහසභාගි වුණේ නැත්ත ඒ දිනවල මට විවේක ගන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබුණ නිසයි. ඒත් මම මේ තරගාවලියට කළින් තිබුණු දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ එක්දින තරග 4 කට සහ ඊට පස්සේ පැවැත්වුණු විස්සයි-20 තරගාවලියේදීත් තරග 3 කට ක්‍රීඩා කළා. මම දැන් පූර්ණ  යෝග්‍ය තත්ත්වයකින් පසුවෙනවා”යි ලක්මාල් වැඩිදුරටත් පවසයි.

1987 මාර්තු 10 වැනිදා තිස්සමහාරාමයේදී උපත ලද 32 හැවිරිදි සුරංග ලක්මාල් මූලික අධ්‍යාපනය දෙබරවැව මහා විදුහලෙන් ලබා ගත් අතර පසුව ගාල්ල රිච්මන්ඩ් විදුහලට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 59 කට ක්‍රීඩා කර ඇති ලක්මාල් කඩුලු 141ක්ද ( හොදම පන්දු යැවීම ලකුණු 54ට කඩුලු 5යි) එක්දින තරග 85කදී කඩුලු 107ක්ද (හොදම 13ට කඩුලු 4යි) සහ 20-20 තරග 11කදී කඩුලු අටක්ද දවා ඇත.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee