slc
Home   |    News
ජනවාරි 9, 2020
දකුණු ළකෙන් බිහිවන දක්ෂ පා දඟපන්දු යවන්නා කවිඳු නදීෂාන්

Sri Lanka Cricket

අපට මද අඩුපාඩුවක්ව පවතින පා දඟපන්දු යවන්නන්ගේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට දකුණු සිරිළකෙන් ලා බාල දන්ෂ පා දඟ පන්දු යවන්නෙකු බිහිවෙමින් සිටී. ශ්‍රී ලංකාවට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම බිහි කර ඇති  අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්ම බිහිවන මේ දකුණත් පා දඟපන්දු යවන්නා 18 හැවිරිදි කවිඳු නදීෂාන් ය.

මීට දින කිහිපයකට පෙර බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි නිමාවට පත් වූ ශ්‍රී ලංකා එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ තුන්කොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට සුරතාව දිනා ගැනීමට ප්‍රබල ලෙස දායක වු මේ ක්‍රීඩකයා සෑම තරඟයකදීම ප්‍රතිවාදීන්ට තර්ජනයක් වෙමින් ලබා ගත් කඩුලු  සංඛ්‍යාව 18කි. එංගලන්ත හා කොදෙව් තරුණ පිතිකරුවන්ට නදීෂාන්ගේ පා දඟ පන්දුව නිශ්චය ලෙස අවබෝධ කරගැනීම තරඟාවලිය පුරාම අසීරු වූ කරුණකි. මේ තරඟාවලියේ වැඩිපුරම කඩුලු ලබා ගත්තේද  මේ පන්දු යවන්නා ය.

කවිඳු නදීෂාන් බිහි වන්නේද දැයට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම බිහිකර ඇති අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙනි. කුඩා කළ සිටම පාසලේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන කවිඳු නදීෂාන් මේ වනවිට පා දඟ පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් සිටී. පාසලේදී ඔහු දක්ෂ දකුණත් මැද පෙළ පිතිකරුවකු ලෙසද ක්‍රියා කළේ ය.කඩුලු රකින්නකු ලෙසද හේ ක්‍රියා කර ඇත.

කවිඳු නදීෂාන් උපත ලැබුවේ 2001 අගෝස්තු 31 වැනි දා අම්බලන්ගොඩදීය. ඔහු ගිය වසරේ ජුනි මස පාකිස්තානය සමඟත් සැප්තැම්බර් මස බංගලාදේශය සමඟත් තරඟවැදී කඩුලු පහක් දවා ජාත්‍යන්තර 19 න් පහළ පිටියට පිවිසියේ ය. ඔහුගේ දස්කම් ඉස්මතු වුයේ නොවැම්බර් අග සහ දෙසැම්බර් මුල කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදීය.

කවිඳු නදීෂාන් මේ දක්වා අවුරුදු 19 න් පහළ තරඟ 11 කට  සහභාගි වී ඕවර 102.5 ක් යවා ලකුණු 472ක් ලබා දී දවා ඇති කඩුලු සංඛ්‍යාව 23කි. එහි කඩුල්ලක සාමාන්‍ය 20.5 කි. පන්දුවට පහරදීමේදී තරඟ 11 න් තරඟ නවයකදී (දෙවරක් නොදැවී) ලකුණු 37 ක් ලබා ඇත. (පන්දු 60යි) වේගයෙන් පන්දුවට පහර දෙන ඔහු හයේ දෙකක් හා හතරේ දෙකක් ද එල්ල කර ඇත.

කවිඳු නදීෂාන්ගේ අපේක්ෂාව මේ මස දකුණු අප්‍රිකාවේදී ඇරඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ දී උපරිමයෙන් කඩුලු දවා ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest