slc
Home   |    News
ජනවාරි 30, 2020
ජාත්‍යන්තර තරග දිවියට ශෂිකලා තිත තියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් හත් වතාවක්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා දායකත්වය ලබා දී සිටින හිටපු නායිකාවක වන ශෂිකලා සිරිවර්ධන එළැඹෙන පෙබරවාරි මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියෙන් සමුගන්නා බව අවධාරණය කර සිටියි.

ප්‍රථමයෙන්ම 2005 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවී ඇති ශෂිකලා අනතුරුව 2009, 2013 සහ 2017 වසර වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලටද, 2012, 2016 සහ 2018 වසර වල පැවැත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇයගේ සිව්වැනි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වනවා සේම ලෝක කුසලාන සමස්ථයෙහි 8 වැන්න බවට පත්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි තුන් ඉරියව් ක්‍රීඩිකාව සිය සමුගැන්ම පිළිබඳව කණ්ඩායම් කළමනාකරු වෙත මේ වන විටත් දැනුම් දී තිබෙන බව සඳහන් කර සිටියාය. “මේ ගැන මම කළමනාකරු විදියට කටයුතු කරන නිශාන්ත ද සිල්වා මහතාට දැනුම් දුන්නාය. ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ලිඛිතවම දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා” යි සඳහන් කළාය.

සිය වසර 17 ක ජාත්‍යන්තර තරග දිවිය තුළ තෙවතාවක්ම ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට වරම් ලබා ඇති ශෂිකලා මේ වන විට 35 වැනි වියේ පසුවන්නීය. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වැඩිදුරටත් අදහස් දක්වා සිටි හිටපු නායිකාව, ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳවද අදහස් දක්වා සිටියාය.

“මගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ ඉදිරි පෙළින් හෝ මැද පෙළින් පන්දුවට පහර දෙන එක. මට පැවැරිලා තියෙන රාජකාරිය වන්නේ පන්දුවාර 17 ක් වත් වන තුරු කඩුල්ලේ රැඳී සිටීමටයි. ඒක නිසා මේ තරගාවලියේදී මම මගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා”යි ප්‍රකාශ කළාය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව අයත් කාණ්ඩයේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් වෙති. එබැවින් අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට නම් බොහෝ විට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම මින් කණ්ඩායම් 3 ක් පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ.

“ඔව්. අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමට අප තරග තුනක් වත් ජය ගත යුතුයි. බංග්ලාදේශය පරාජය කළ හැකි බවට අප තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා. මොකද අපි මීට කළින් ඔවුන්ව පරාජය කරලා තියෙන නිසා. ඉන්දියාව සමගත් අපි කවදත් හොදින් දස්කම් දක්වලා තියෙනවා. නවසීලන්තයත් පසුගිය දිනවල සහභාගිවුණු තරග බොහෝමයක්ම පරාජය වූවා. අපගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ ඒ තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ට එරෙහිව හොඳට තරග වැදීමයි” යැයි ශෂිකලා වැඩිදුරටත් පැවැසුවාය.

මේ අතර වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායිකාව බවට පත්ව සිටින චමරි අතපත්තු පිළිබඳවද මෙහිදී අදහස් දක්වා සිටි හිටපු නායිකාව, “චමරි බිග්බෑෂ් තරගාවලියන්ට ක්‍රීඩා කරලා ඔස්ට්‍රේලියාවේ තණතීරුවල හැසිරීම ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එහෙ තණතීරු පිතිකරණයට වාසිදායකයි. අපිත් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරය කර ලබාගත්ත අත්දැකීම් මේ තරගාවලියේදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපිට වැඩිම අභියෝගයක් එල්ල වෙයි කියලා අපේක්ෂා කරන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය” යනුවෙන් පවසන ශෂිකලා සිය කණ්ඩායමද දක්ෂතා සහිත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ට ක්‍රීඩිකාවන්ගේ සංකලනයකින් යුක්ත බව සඳහන් සඳහන් කර සිටියාය.

“විස්සයි-20 තරග නිසා අපේ ඉලක්කය වෙලා තියෙන්නේ කොහොම හරි ලකුණු 160 ක් පමණ ලබා ගන්න. පන්දු රැකීමත්උසස් මට්ටමක තියෙන නිසා ඒක අපිට අමතර වාසියක් වෙයි කියලා විශ්වාස කරනවා” යි ශෂිකලා අවසන් වශයෙන් සඳහන් කර සිටියාය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest