slc
logo
Home   |    News
ජනවාරි 31, 2020
යොවුන් ක්‍රීඩකයෝ ස්කොට්ලන්තය පරදවති

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (30 දා) ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 97 ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළඟ කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට වර්ෂාවෙන් බාධා ඇති වන විට යවන ලද පන්දුවාර 40 දී රැස් කර ගැනීමට හැකිවූයේ කඩුලු 8 කට ලකුණු149 ක් පමණි. ඒ වන විටත් ලකුණු 247 ක ඉලක්කයක් ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ ලබාගත යුතු වුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දක්වන ලද දුර්වල පිතිහරඹය හේතුවෙන් ලකුණු 97 ක පහසු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ස්කොට්ලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ගස්ගයි ලකුණු 31 ක් රැස් කළ නමුත් එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ චමිඳු විජේසිංහ ලකුණු 31 කට කඩුලු 3 ක් සහ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්හ. ඔවුන් දෙදෙනාට අමතරව කවිඳු නදීෂාන්ද ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගන්නා ලද්දේ ස්කොට්ලන්ත පිල තවත් අසීරු තාවයට ඇද දමමින.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නායක නිපුන් ධනංජය ලකුණු 66 ක්, ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 54 ක් සහ අහන් වික්‍රමසිංහ ලකුණු 59 ක් ලබා  ලබා අර්ධ ශතක වලින් කණ්ඩායමට දායකත්වය දැක්වූහ. මෙහිදී කමිල් මිශාරට එක්වූ පරණවිතාන පළමු කඩුල්ල වෙනකුවෙන් ලකුණු 90 ක් ගොඩ නංවන ලද්දේ පන්දු 103 ක් පමණක් වැය කරමිනි. පන්දු 52 ක් වැය වුණු මිශාර ලකුණු 39 ක් ලබා ගත්තේය.

යොවුන් පිලේ සාර්ථකම සම්බන්ධතාවය වූ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය නිපුන්ධනංජය සහ අහන් වික්‍රමසිංහ අතර වාර්තාවිය. පන්දු 93 කදී ගොඩනැංවුණු ලකුණු 103 ක සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකාවට සැනසිලි දායක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ ඉඩ පහස වෙන්විය. මෙහිදී කැපී පෙනුණි නිපුන් තම ලකුණු 66 ක ඉනිම සඳහා පන්දු 69 කටද අහන් තම අර්ධ ශතකය සඳහා පන්දු 50 කට ද මුහුණ දුන්නේය. මොවුන දෙදෙනාම තම අර්ධ ශත පිළිවෙළින් හයේ පහරක් සහ හතරේ පහර පහකින්ද අහන් හතරේ පහර 3 කින්ද සිය අර්ධ ශතක වර්ණවත් කර ගත්හ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී 277/6 යි – (නවෝද් පරණවිතාන 54, රවිඳු රසාන්ත 21, කමිල් මිශාර 39, නිපුන් ධනංජය 66, අහන් වික්‍රමසිංහ 59ථ සොනාල් දිනූෂ 15*, ජැස්පර් ඩේවිසන් 31/2, චාර්ලි පිට් 44/2)

ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 40 කදී 149/8 යි – (බෙන් ඩේව්සන් 18, උසයිර් ෂා 17, ඇන්ගස් ගයි 31, කෙස් සජාඩ් 12, චමිඳු විජේසිංහ 31/3, දිල්ශාන් මධුශංක 26/2, කවිඳු නදීෂාන් 42/2)

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar