slc
logo
Home   |    News
ජනවාරි 22, 2020
යොවුන් ක්‍රීඩකයෝ නවසීලන්ත පිල හමුවේ පසුබසිති

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ දැන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ නවසීලන්ත යොවුන් පිලට එරෙහි  තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 3 ක අවාසනාවන්ත පරාජයකට අද (22 දා) මුහුණ දුන්නේය.

මෙය මෙවර තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් වූ බැවින් කුසලාන බලාපොරොත්තුව පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු ඒ සමඟම අහිමිව යනු ඇත. බ්ලූෆොන්ටන්හි පැවැති මෙම තරගයේදී ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ එක් පන්දුවක් අවසානයේදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පූජා කරමිනි. 

දෙපිළටම තරගයේ ජයග්‍රහණය දෝලනය වෙමින් පැවැති මෙම තරගයේදී නවසීලන්ත ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12 ක් ලබා ලබාගත යුතු වුවත් එම පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ඩිල්ෂාන් මධුශංකට නවසීලන්ත පිතිකරු ක්‍රිස්ටියන් ක්ලාක්ව මෙල්ල කර ගැනීමට නොහැකි විය. ඒ අනුව පස්වැනි පන්දුවේදී හයේ පහරක් එල්ල කළ ක්ලාර්ක් එතෙක් වෙලා දෙපිළටම දෝලනය වූ තරගයේ පූර්ණ අයිතිය නවසීලන්තය වෙත ලබා දුන්නේය.

අදාළ හඹා යෑමේදී සාර්ථක පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහිස් මරියු පන්දු 106 කදී ලකුණු 86 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව බෙකැම් ග්‍රීනල් පන්දු 111 කට මුහුණ දෙමින් ලකුණු 80 ක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවය ලකුණු 111 කි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යොවුන් පිල කඩුලු 2 කට ලකුණු 106 වැනි ප්‍රබල ස්ථානයක පසු වුවත් ලකුණු 06 ක් ඇතුළත නායක නිපුන් ධනංජය ද ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකු දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. එහෙත් අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අහන් වික්‍රමසිංහ පන්දු 48 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 64 ක සම්බන්ධතාව හේතුවෙන් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ ඉඩ කඩ යොවුන් කණ්ඩායමට උදාවිය. 

හතරේ පහර 9 කින් වර්ණවත් වුණු අහන්: සොනාල් දිනූෂ සමඟ එක්ව හත්වැනි කඩුල්ලට ලකුණු 78 ක් ගොඩ නැංවීම ලකුණු 250 ආසන්නයට යෑමට හැරවුම් ලක්ෂ්‍ය බවට පත්විය. පිතිකරුවන් බහුතරයක් ලකුණු අතරට පැමිණියද ඔවුන් කිසිවකුට ක්‍රීඩා කරන ලද ඉනිම දීර්ඝ ඉනිම බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය. 

මූලික වටය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවීමට නියමිත අවසන් තරගය ලබන 25 වැනිදා ජපානයට එරෙහිව බ්ලූෆොන්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 9ට ලකුණු 242 යි – (නවෝද් පරණවිතාන 23, කමිල් මිශාර 21, රවිඳු රසාන්ත 29, තවීෂ අභිෂේක් 25, නිපුන් ධනංජය 00, සොනාල් දිනූෂ 46, දිලුම් සුධීර 06, අහන් වික්‍රමසිංහ 64, කවිදු නදීෂාන් 07*, අෂේන් ඩැනියෙල් 00, ක්‍රිස්ටියන් ක්ලාක් 36/2, ආදිත්‍ය අශෝක් 38/3, ජෝසි ටශ්කෝෆ් 40/2)

 නවසීලන්තය පන්දුවාර 49.5 කදී කඩුලු 7 කට ලකුණු 243 යි – (රහිස් මරියු 86, ඔලි වයිට් 04, ෆර්ගස් ලීල්මන් 13, බෙකම් ග්‍රීනල් 80, ජොසි ටශ්කොෆ් 30, සීමන් කෙනී 03, කුයින් සන්ඩි 02, ජෝයි ෆීල්ඩ් 05*, ක්‍රිස්ටියන් ක්ලාක් 09*, දිලුම් සුධීර 52/2)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee