slc
Home   |    News
ජනවාරි 20, 2020
විස්සයි-20 අවසන් ගැටුම හෙට

Sri Lanka Cricket

ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන තීරණාත්මක අවසන් මහ තරගය හෙට (21 දා) කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී.) සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10 ට ආරම්භ වනු ඇත.

කාණ්ඩ 4 ක් යටතේ පැවැති මෙවර විස්සයි-20 තරගාවලියෙන්දී හලාවත මෙරියන්ස් ක්‍රීඩා සමාජය ‘සී’ කාණ්ඩය යටතේද කොළඹ ක්‍රීඩා සමාජ ‘ඩී’ කාණ්ඩය යටතේද තරග වැදුණු අතර දෙපිළම මූලික වටයේදී එක් තරගය බැගින් පරාජයට පත්වෙමින් අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබා සිටිති.

අර්ධ අවසන් පූර්ව වටයේදී බදුරලියද අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රීඩා සමාජය එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් සී. සී. සී. කණ්ඩායමද අර්ධ අවසන් පූර්ව තරග වටයේදී ප්‍රබල එස්. එස්. සී. පිලද අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 33 ක ජයක් වාර්තා කළ හලාවත මේරියන්ස් කණ්ඩායම් අවසන් මහ තරග වරම උදා කරගත්හ.

ජාතික කණ්ඩායම් වරම් ලාභීන් දෙදෙනකු වන ෂෙහාන් ජයසූරිය හලාවත මේරියන්ස් කණ්ඩායමද අශාන් ප්‍රියන්ජන සී. සී. සී. කණ්ඩායමද මෙහෙයවති. මෙහිදී ෂෙහාන් ජයසූරියගේ නායකත්වයෙන් යුතු හලාවත මේරියන්ස් කණ්ඩායම මෙම තරගාවලියට පෙර පැවැති ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේද ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සමත්වීම කැපී පෙනෙයි.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සංසන්දනාත්මක ගෙන බැලීමේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයින් වැඩි සංඛ්‍යාවක් සී.සී.සී. කණ්ඩායම සතුවද්දී හලාවත මේරියන්ස් පිලේ 3 දෙනෙකු පමණක් ජාතික කණ්ඩායමට නියෝජනය කිරීමට වරම් ලබා ඇත. ඒ අනුව එක්දින ශූරයින් වන හලාවත මේරියන්ස් පිලට හෙට තරගයේදී වැඩි අභියෝගයක් සී.සී.සී. පිලෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

නායක අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, වනිඳු හසරංග, මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරු ගමගේ සී. සී. සී. පිල වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින් බවට පත්වද්දී ෂෙහාන් ජයසූරිය, කමිදු මෙන්ඩිස් සහ තික්ෂිල ද සිල්වා හලාවත මේරියන්ස් පිලෙන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ඇත.

මෙවර තරගාවලියේදී ලකුණු 300 සීමාව ඉක්මවාලීමට සමත්ව ඇත්තේ පිතිකරුවන් දෙදෙනෙකු වන අතර එහි දෙවැනි තැන ෂෙහාන් ජයසූරිය රැදීසිටියි. තරග 7 කට ක්‍රීඩා කොට ඇති ෂෙහාන් ලකුණු 305 ක් ලබා සිටින්නේ ශතකයක් සහ අර්ධ ශතක 2 ක් වාර්තා කර ගනිමිනි. ඔහුට ඉදිරියෙන් සිටින අනෙක් පිතිකරුවා වන්නේ රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මධුෂ්ක වන අතර ඔහු තරග 8 කදී ලකුණු 322 ක් ලබා සිටියි.  ෂෙහාන්ට අමතරව හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනුණු කමිඳු මෙන්ඩිස් ලකුණු 211 ක් සහ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 206 ක් ලබා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටිති.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණීමට එකම සී.සී. සී. පිතිකරුවකු හෝ සමත්වී නොමැත. තරග 8 කට ක්‍රීඩා කරමින් ලකුණු 188 ක් ලබා සිටින අශාන් ප්‍රියන්ජන් එහි 11 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය. පිතිකරුවන්ගේ තත්ත්වය එසේ වුවත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත්ව සිටියි. තරග 8 කදී කඩුලු 16 ක් ලබා මාලින්ද එහි පෙරමුණ ගැනීමට සමත්වද්දී එම කණ්ඩායමේ නුවන් තුෂාර තරග 8 කදී කඩුලු 13 ක් බිඳ දමා තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලභියා බවට පත්ව සිටින්නේ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වන අතර ඔහු තරග 7 කදී කඩුලු 13 ක් බිඳ හෙළා තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඔහුට අමතරව තික්ෂිල ද සිල්වා තරග 7 කදී කඩුලු 12 ක් බිඳ හෙළමින් එම 6 වැනි ස්ථානයේ රැදී සිටියි.

හලාවත මේරියන්ස් කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය (නායක), තික්ෂිල ද සිල්වා, පුලින තරංග, රුමේෂ් බුද්ධික, නිමේෂ් විමුක්ති, චතුරංග කුමාර, ඉරෝෂ් ප්‍රනාන්දු, සනෝජ් දර්ශික, ඩිල්ෂාන් සංජීව, සෙෂාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් සංජීව, සෙෂාන් සිල්වා, සශීන් ප්‍රනාන්දු, රොමේෂ් ප්‍රනාන්දු, සරත් ජයවර්ධන (පුහුණුකරු)

සී.සී.සී. කණ්ඩායම – මිනෝද් භානුක, අශාන් ප්‍රියන්ජන් (නායක), ශාලික කරුණානායනක, වනිඳු හසරංග, ලසිත් අබේරත්න, මනෙල්කර් ද සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, නුවන් තුෂාර, මළිඳු මදුරංග, රොන් චන්ද්‍රගුප්ත, එම්. උස්මාන්, පවන්ත වීරසිංහ, පවන් රත්නායක, යසරුවන් හේරත්, තරංග ධම්මික (පුහුණුකරු).

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest