slc
Home   |    News
ජනවාරි 21, 2020
හලාවත මේරියන්ස් අතේ තිබූ ජය වනිඳු හසරංග උදුරා ගනියි

Sri Lanka Cricket

By Chamila Karawita

පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක අතිවිශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සී. සී. සී. කණ්ඩායම අද (21 දා) සමත්විය.  හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම අවසන් මහ තරගයේදී කඩුලු 4 ක ජයක් ලද සී. සී. සී. කණ්ඩායම අදාළ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 3 ක මුදලකටද හිමිකම් කීය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 163 ක ඉලක්කයක් ලබාදීමට සමත්වූ අතර එය හඹා යෑමේදී අවසන් පන්දු 12 තුළදී ලකුණු 22 ක් ලබා ගැනීමේ අභියෝගය සී. සී. සී. කණ්ඩායම හමුවේ පැවැතිණ. කෙසේ වෙතත් 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද අසිත ප්‍රනාන්දු තම පන්දුවාරය ලකුණු 05 කට සීමා කරමින් යැවීමට සමත්වීම මත සී. සී. සී. ජයග්‍රහාහී ඉලක්කය අවසන් පන්දු 6 තුළ ලකුණු 17 ක් බවට පත්විය.

ඒ අනුව අවසන් පන්දුවාරය යැවීමේ වගකීම තික්ෂිල ද සිල්වාට භාරදීමට හලාවත මේරියන්ස් නායක ෂෙහාන් ජයසූරිය තීරණය කළ නමුත් ඒ සියල්ල ගඟට කපන ඉනි බවට පත්වූයේ වනිඳුගේ අනුකම්පා විරහිත පිතිහරඹය හමුවේ තික්ෂිලට කිසිවක් කර ගැනීමට නොහැකි වීමයි.

ප්‍රථම පන්දුවටම මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ වනිඳු සිය අර්ධ ශතකය පන්දු 30 කදී සම්පූර්ණ කර ගත්තේය. දෙවැනි පන්දුවට ලකුණු 2 ක් සඳහා පැති මාරු කර ගත් අවසන් මහ තරගයේ වීරයා වූ වනිඳු නැවතත් තෙවැනි පන්දුවට පොයින්ට් කලාපය දෙසින් පන්දුව හතරේ සීමාව වෙත යැවීමට සැලැස්වීය. ඒ අනුව සී. සී. සී. පිලේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 3 කදී ලකුණු 5 ක් වශයෙන් සටහන් විය.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගෙන පැවැති මෙම තරගයේ අවසන් පන්දුවද අතිශය මුහුණුවරක් ගනු ලැබුවේ ජයග්‍රහණයට ලකුණු 2 ක් ලබා ගැනීමට තිබියදී අවසන් පන්දුවට මුහුණ දීමේ අභියෝගය මලෙන්කර් ද සිල්වාට උදාවීමය. එහෙත් එල්ල කරන ලද පහර පිත්තේ පිටත දාරයේ වැදී ලකුණු 4 ක් බවට පත්වීම මත එතෙක් වේලා දෙපිළටම දෝලනය වූ ජයග්‍රහණයේ සින්නක්කර අයිතිය සී. සී. සී. කණ්ඩායම විසින් ලියාගනු ලැබීය.

අවසන් පන්දුවේදී සී. සී. සී. පිලේ ජයග්‍රහණය සනාථ වන විට වනිඳු හසරංගගේ නම ඉදිරියෙන් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 34 කදී ලකුණු 60 ක්ද මනෙල්කර් ද සිල්වාගේ නම ඉදිරියෙන් පන්දු 12 කදී ලකුණු 15 ක්ද සටහන්ව තිබිණ.

අදාළ ලකුණු හඹා යෑඹ ආරම්භයේදීම සී. සී. සී. පිලේ පළමු කඩුලු 3 ම ලකුණු 24 කදී බිඳ වැටිණ. අනෙක් අන්තයෙන් කඩුලු දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කර ගත් මිනෝද් භානුක අවශ්‍ය ලකුණු වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දීමද සී. සී. සී. ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක්වීය.

හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත වුණු භානුක පන්දු 38 කදී ලකුණු 59 ක් රැස් කරන ලද්දේ අඩු ලකුණු සංඛ්‍යාවකදී කඩුලු බිඳ වැටී තිබුණු සී. සී. සී. ඉනිම සැනසිලිදායක තත්ත්වයකට කැඳවාගෙන යමිනි. මිනෝද්ගේ ඉනිම කෙතරම් ප්‍රහාරාත්මක ඉනිමක් වූවේද කිවහොත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන් සමඟ ගොඩනංවන ලද ලකුණු 50 ක සම්බන්ධතාවයේදී ලකුණු 14 ක් ප්‍රියන්ජනගේ නමට බැර වද්දී ඉතිරි ලකුණු 36 ම ඔහුගේ පිත්තෙන් වාර්තාවිය.

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ලද්දේ ෂෙහාන් ජයසූරිය විසිනි. පන්දු 52 කදී වාර්තා වුණු ලකුණු 80 ක ඉනිම සඳහා ෂෙහාන් හතරේ පහර 9 ක් එල්ල කර තිබිණි.

මේරියන්ස් කණ්ඩායමේ පළමු පිතිකරුවා ලෙස ලසිත් කෲස්පුල්ලේ (06) දැවී යෑමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස්ට එක්වූ නායක ජයසූරිය දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කරන ලද්දේ පන්දු 63 ක් වැය කරමිනි.

12 වැනි පන්දුවාරයේ කමිඳු මෙන්ඩිස් දැවී යන විටත් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව 105 ක් වශයෙන් සටහන් විය. කමිඳුගේ දැවී යෑමෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි කිසිම පිතිකරුවකු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වීම මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් පිලට ඉඩ කඩ ඇහිරුණු සිදුවීමක් බවට පත්විය.

අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවත් සමඟ මෙම විස්සයි-20 තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වීමටද ෂෙහාන් ජයසූරියට අවස්ථාව උදාවිය. ඒ අනුව මෙවර තරගාවලියේ ඉනිම 8 කට ක්‍රීඩා කළ ෂෙහාන් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 48.12 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 385 ක් රැස් කරගෙන සිටියි. ඔහුට පසු වැඩිම ලකුණු ලබා ඇත්තේ රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මධුශ්ක වන අතර ඔහු ඉනිම 7 කදී ලකුණු 322 ක් ලබා සිටියි. පන්දු යවන්නන් අතර සී. සී. සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර පෙරමුණ ගෙන සිටින්නේ තරග 9 කදී කඩුලු 18 ක් බිඳ හෙළමිනි.

ලකුණු සාරාංශය

හලාවත මේරියන්ස් පිල පන්දුවාර 20 කදී 162/8 යි – (ෂෙහාන් ජයසූරිය 80, කමිඳු මෙන්ඩිස් 46, ලසිත් කෲස්පුල්ලේ 06, තික්ෂිල ද සිල්වා 02, පුලින තරංග 04, සනෝජ් දර්ශික 02, රුමේෂ් බුද්ධික 09, නිමේෂ් විමුක්ති 05, චතුරංග කුමාර 06*, ඉරෝෂ් ප්‍රනාන්දු 01*, මාලින්ද පුෂ්පකුමාර 27/2, ළහිරු ගමගේ 30/2)

සී.සී.සී. පන්දුවාර 20 දී 165/6 යි – (වනිදු හසරංග 60*, මිනෝද් භානුක 59, මලිඳු මදුරංග 01, රොන් චන්ද්‍රගුප්ත 02, අශාන් ප්‍රියන්ජන් 14, ලසිත් අබේරත්න 10, ශාලික කරුණානායක 00, මනෙල්කර් ද සිල්වා 15*, පුලින තරංග 24/2)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest