slc
logo
Home   |    News
ජනවාරි 16, 2020
2022 ට දක්ෂයින් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම වැඩ අරඹයි

Sri Lanka Cricket

2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා සාර්ථක කණ්ඩායමක් බිහි කිරීම ඉලක්ක කොට වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පසුගියදා පැවැති අවුරුදු 15න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් තරගාවලියන්හි දස්කම් දක්වන ලද ක්‍රීඩකයින් 55 දෙනෙකු මෙම සංවර්ධන සංචිත දෙකට ඇතුළත්ව සිටින බව මෙම වැඩසටහනේ අධීක්කෂණය කරනු ලබන කමිටුවේ සාමාජිකයකු වන අනුර තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේය. ඒ අනුව මහනුවර, මාතලේ, යාපනය, අනුරාධපුරය සහ මඩකලපුව යන ප්‍රදේශවල ක්‍රීඩකයන් 20 දෙනෙකු දඹුල්ලේ පිහිටුවනු ලබන සංචිතයට ඇතුළත් වන අතර සෙසු ක්‍රීඩකයන් 35 දෙනා කොළඹ සංචිතයට ඇතුළත් කෙරෙනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයකු වන අනුර තෙන්නකෝන් හිටපු ක්‍රීඩකයකුවන රෝයි ඩයස් මෙන්ම පුහුණු අංශයේ කටයුතු කරනු ලබන සුමිත්‍ර වර්ණකුලසූරිය, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ ධම්මික සුදර්ශන යන මහත්වරුන් පත් කර තිබේ. මේ පිළිබඳව වූ සාකච්ඡාවක් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර ඊට කණිෂ්ට තේරීම් කමිටු සභාපති රංජිත් මදුරුසිංහ ඇතුළු කනිෂ්ට තේරීම් කමිටු සාමාජිකයන් සහ බුද්ධි කේන්ද්‍රයේ ප්‍රධානී සම්පත් හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගිවූහ.

මෙම සංචිතය පිහිටුවීමෙන් පසු සියළුම ක්‍රීඩකයින්ගේ තොරතුරු රැස්කිරීම මෙන්ම ක්‍රීඩක දක්ෂතා සහ දුර්වලතා ගොනුකිරීම බුද්ධි කේන්ද්‍රය මගින් සිදුකරනු ඇත. මෙම පුහුණු වැඩ සටහනට අනුව තෝරා ගනු ලබන ක්‍රීඩකයින් 55 දෙනා ප්‍රථමයෙන්ම හය මසක පුහුණුවකට සහ දැනුවත් කිරීමේ වැඩ සටහනකට යොමු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා මෙවලම්, නවාතැන් ඇතුළු සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ඇත.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee