slc
logo
Home   |    News
පෙබරවාරි 3, 2020
ආරාධිත තරගාවලියන්හි කැපී පෙනුණු දක්ෂතා පෙන්වූ තරුණ ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පසුගිය දිනවල පැවැති ආරාධිත ඕවර 50 සහ 20-20 තරගාවලියන් දෙකේදීම විශේෂ දක්ෂතා පෙන්වූ තරුණ ක්‍රීඩකයෙකු ලෙස හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් හැදින්විය හැකිය.

21 හැවිරිදි කමිඳු මෙන්ඩිස් ආරාධිත ඕවර 50 අවසාන තරගයේදී එන්.සී.සී. කණ්ඩායම සමග ලකුණු 44ක් ලබා පසුව ලකුණු 32කට කඩුලු තුනක් දවාලමින් තරගයේ වීරයා බවට පත්විය. 20-20 අවසාන පූර්ව තරගයේදී රාගම ක්‍රීඩා සමාජය සමග පන්දු 27කදී ලකුණු 25ක් ලබා ලකුණු 25කට කඩුල්ලක් දවාලමින්ද අවසාන තරගයේදී සී.සී.සී.පිල සමග පන්දු 30කදී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 46ක් ලබා ලකුණු 32කට කඩුල්ලක් දවාලමින් තුන්ඉරියව්වේම දස්කම් පෙන්වා තිබේ.

          කමිඳු මෙන්ඩිස් 2018 වසරේ අවසානවරට පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයා වේ. දකුණතින් සහ වමතින් අත්දෙකෙන්ම නිවැරදි එල්ලයට දගපන්දු යැවිමේ සහජ දක්ෂතාවයක් මොහු සතුය. දකුණතින් පිට දගපන්දුත් වමතින් ඕතොඩොක්ස් පන්දුත් මොහු යවයි.

          1998 සැප්තැම්බර් 30 වැනිදා ගාල්ලේදී උපත ලද කමිඳු මෙන්ඩිස් වමතින් පිත්ත හසුරුවන ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි. ඔහු අවුරුදු 16දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇතුළත් විය. 2018 ශ්‍රී ලංකා ජාතික 20-20 කණ්ඩායම ප්‍රථම වරට නියෝජනය කළේ එංගලන්තය සමගය. ඒ සදහා පැවැති පුහුණු තරගයේදී ඔහු අර්ධ ශතකයක් ලැබීය.

          කමිඳුගේ පියා පර්සි චන්ද්‍රරත්න මෙන්ඩිස් හාඩ්වෙයාර් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. මව ඉනෝකා ගුණතිලකය. කමිඳුට වැඩිමහල් සොහොයුරියක හා බාල සොහොයුරෙකු සිටී. රිච්මන්ඩ් විදුහලේ අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් නියෝජනය කරන විට ධනුෂ්ක දෙනගමද අවුරුදු 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරද්දී ධම්මික සුදර්ශන ලක්මාල් ද සිල්වා ද පුහුණුකරුවන් ලෙස කටයුතු කර ඇත.

          ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කර එක්දින තරග දෙකකදී ලකුණු 17ක් ද (එකක් නොදැවී) කඩුල්ලක්ද දවා ඇත. 20-20 තරග හතරකට සහභාගී වී ලකුණු 66ක් ලබා ඇත. එක් ඉනිමකදී ලකුණු 41ක් ලැබුවේ හතරේ හයක් සහ හයේ පහරක් සමගිනි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest