slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2020
කොළඹ ක්‍රිකට් සමාජය 430/6යි මුවර්ස් කණ්ඩායමේ රමේෂ්ගෙන් ද්විත්ව ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර්ලීග් තුන්දින තරගාවලිය සිකුරාදා (31) ආරම්භ වූ අතර කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) සහ එස්.එස්.සී අතර සී.සී.සී.පිටියේ පැවැති තරගයේදී සී.සී.සී.කණ්ඩායමේ මිනෝද් භානුක (114) සහ ලසිත් අබේරත්න (නොදැවී 113) ශතක ලබාගත්හ. දිනය නිමවනවිට සී.සී.සී.පිල කඩුලු හයකට ලකුනු 430ක් ලබා සිටියේය.

සී.සී.සී. දෙවන කඩුල්ලට මිනෝද් භානුක සහ අෂාන් ප්‍රායංජන් (90) ලකුනු 157ක්ද තොවන කඩුල්ලට මිනෝද් භානුක සහ ලසිත් අබේරත්න ලකුණු 110ක්ද රැස්කළහ.

මිනෝද් භානුක පන්දු 127කදී හතරේ 17ක් හයේ පහරක් සමග ලකුනු 114ක්ද ලසිත් අබේරත්න පන්දු 150කදී හතරේ අටක් හයේ දෙකක් සමග නොදැවී 113ක්ද අෂාන් ප්‍රියංජන් පන්දු 105කදී හතරේ 12ක් හයේ දෙකක් සමග ලකුණු 90ක්ද ලැබූහ.

  • ලකුණු විස්තරය කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී.ඕවර 90දී කඩුලු හයට 430යි)

මිනෝද් භානුක 114 ලසිත් අබේරත්න නොදැවී 113 අෂාන් ප්‍රියංජන් 90 චරිත් අසලංක 42ට 2 ආකාෂ් සේනාර්තන 96ට 2

  • මුවර්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේදී මුවර්ස් කඩුලු 6ට 509යි.

මුවර්ස් ක්‍රීඩා සමාජයේ රමේෂ් මෙන්ඩිස් මේ තරගාවලියේ ප්‍රථම දිනයේම ද්විත්ව ශතකයක් රැස්කළේ නොදැවී ලකුණු 205ක් ලබාගනිමිනි. සචිත්‍ර සේරසිංහ ලකුණු 149ක් ලැබීය. මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 294කි.

රමේෂ් මෙන්ඩිස් පන්දු 207කදී හතරේ 19ක් සහ හයේ හයක් සමග නොදැවී ලකුණු 205ක් ද සචිත්‍ර සේරසිංහ පන්දු 174කදී හතරේ 18ක් හයේ හතරක් සමග ලකුණු 149ක් ද ලබාගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදාව කඩුලු 3ට 279යි.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ බී.ආර්.සී. අතර ඒ කොටසේ තරගයේදී යුද හමුදාව කඩුලු තුනකට ලකුණු 279ක් රැස්කළේය. මෙහිදී ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 99ක්ද (පන්දු 206යි හතරේ 12යි හයේ එකයි) දුෂාන් විමුක්ති ලකුණු 82ක්ද (පන්දු 111යි හතරේ නවයයි) ලැබූහ. දෙවන කඩුල්ලට මොවුන් 158ක් රැස් කළහ.

ලකුණු විස්තරය

යුද හමුදාව කඩුලු 3ට 279යි (ඕවර 89යි) ලක්ෂාන් එදිරිසිංහ 99යි ,දුෂාන් විමුක්ති 82, හිමාෂ ලියනගේ නොදැවී 40, අසේල ගුණරත්න නොදැවී 39, භානුක රාජපක්ෂ 40ට 1යි.

  • ලකුණු විස්තරය මුවර්ස් ඕවර 90දී කඩුලු 6ට 509යි.

රමේෂ් මෙන්ඩිස් නොදැවී 205, සචිත්‍ර සේරසිංහ 149, මධුශංඛ සුබසිංහ නොදැවී 58යි, චරති කුමාරසිංහ 51, සාද්නසිම් 155ට 3, රොෂේන් ප්‍රනාන්දු 56ට 2

  • සරසන්ස් කඩුලු 9ට 296යි.

සරසන්ස් සහ ටැමිල් යුනියන් අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් සරසන්ස් කණ්ඩායම කඩුලු 9කට ලකුණු 296ක් (ඕවර 84.5) ලැබීය.

ගැමුණු කණිෂ්ක අමරසිංහ පන්දු 187කදී හතරේ 11ක් හයේ තුනක් සමග ලකුණු 129ක්ද මාලින්ද සිරිවර්ධන පන්දු 116කදී  හතරේ දහයක් හයේ පහරක් සමග ලකුණු 76ක්ද රැස්කළහ. මොවුන් දෙදෙනා තෙවන කඩුල්ලට එක්කළ ලකුණු සඛ්‍යාව 141කි.

  • සරසන්ස් මුල් ඉනිම කඩුලු 9ට 296යි (ඕවර 84.5යි)

ගැමුණු අමරසිංහ  129යි, මලින් ද සිරිවර්ධන 76, විමුක්ති පෙරේරා 46ට 3යි, ජීවන් මෙන්ඩිස් 85ට 4යි.

  • ටැමියල් යූනියන් කිසිවෙකු නොදැවී 01යි.
  • ගාල්ල ක්‍රිකට් සමාජය – සෙබස්ටියනයිට්ස්.

ගාල්ල ක්‍රිකට් සමාජය මේ තරගයේදී කඩුලු 5කට ලකුණු 264ක් ලබා ගත්තේ ඕවරයකට 2.93ක් වැනි අඩු වේගයකිනි. මන්සූර් අම්ජාඩ් ලකුණු 80ක්ද, ජේකබ් සචින් නොදැවී ලකුණු 68ක්ද ලබා දස්කම් දැක්වූහ. 

  • ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 5ට 264යි 

මන්සූර් අම්ජාඩ් 80, කවිදු එදිරිවීර 54, ජේකබ් සචින් නොදැවී 68 සහන් කුමාර 64ට 3 රනේෂ් පෙරේරා 51ට 2යි.

  • නුගේගොඩ ක්‍රීඩා සුබසාධක සමාජය ජය කලුතර නගර කණ්ඩායම

ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවූ මේ තරගය ඉක්මණින්ම ප්‍රතිඵලයක් ලැබෙන තත්ත්වයක පවතී.

  • නුගේගොඩ සුබ සාධක සමාජය මුල් ඉනිම ලකුණු 56යි 

මතීෂ පෙරේරා 12යි, ජහන්ගිර් ෂා 10, එම්.රෂාන් 19ට 4, රජින්ද පුංචිහේවා 23ට 3

  • කලුතර නගර කණ්ඩායම මුල් ඉනිම 160යි. 

එරංග රත්නායක 39යි, සචින් දල්පදාදු 23, බේට් අලි 41ට 5, මතීෂ පෙරේරා 60ට 3

  • නුගේගොඩ සුබසාධක කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 3ට 92යි.

ඉරෝෂ් සමරසූරිය 29, මතීෂ පෙරේරා නොදැවී 26, ඉෂාන් අබේසේකර 41ට 2

  • ශ්‍රී ලංකා පොලීසිය 357යි.

ලක්ෂාන් රුද්‍රිගෝ 69යි, එස්.මිහිරාන් 81, සුපුන් මධුශංඛ 57,ඩී.අවුවර්ඩ් 37ට 4යි, පී.නිමල්ෂ 11ට 2

  • ශ්‍රී ලංකා නාවික හමුදාව කඩුලු 2ට 11යි.ෙ
  • පානදුර ක්‍රීඩා සමාජය – මහනුවර ආගමන විගමන ක්‍රීඩා සමාජය
  • පානදුර ක්‍රීඩා සමාජය 177යි

හර්ෂ කුරේ 45, විශ්ව චතුරංග 42, දිනෙත් කරුණාරත්න නොදැවී 28, විරාජ් කුරාන 57ට 4 සචිර පෙරේරා 57ට 3

  • මහනුවර ආගමන විගණන ක්‍රීඩා සමාජය කඩුලු 4ට 123යි.

චානක විජේසිංහ නොදැවී 41, හසිත මධුෂාන් නොදැවී 27 අටාර් අසාහි 73ට 2

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee