slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2020
38 වසරක කොදෙව් මතකයන් ගැන අසන්ත ද මෙල්ගේ විග්‍රහය…

Sri Lanka Cricket

එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි අතීත ක්‍රීඩකයන් පළමු හා දෙවන ලෝක කුසලාන එක්දින තරගාවලියන් පැවැති හැත්තෑව දශකයේ අග භාගයේ සහ මැද භාගයේ ලෝක සූරයන්ය. එම අවධියේ ලොව මවිත කළ, පිතිකරුවන් සසල කරවන ජෝ ගානර්, මැල්කම් මාෂල්, ඇන්ඩි රොබට්ස් හා කොලින් ‍ ක්‍රොෆ්ට් වැනි බියකරු වේග පන්දු යවන්නන්ගෙන් ද ක්ලයිඩ් ලොයිඩ් , විවියන් රිචඩ්ස් , රොහාන් කන්හායි හා ගොර්ඩන් ග්‍රිනිජ් වැනි විශිෂ්ට පිතිකරුවන්ගෙන් ද කොදෙව් කණ්ඩායම සමන්විත විණි.   

ලංකාව (එකළ හැදින්වූ නාමය) වතාවන් කිහිපයකදී මේ වේගපන්දු යවන්නන් හමුවේ ලකුණු සියයකට අඩුවෙන් දැවීගිය අවස්ථා කිහිපයකි. කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වයක් ක්‍රමයෙන් වෙනස්විණි. හැත්තෑව දශකයේ අග භාගයේත්, අසුව දශකයේ මුල භාගයේත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ වේගපන්දු යවන්නෙකු වූයේ වත්මන් තේරීම් කමිටු සභාපති සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල්ය.

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද්දේ 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වාය.  ඒ අනුව ඉකුත් පෙබරවාරි 21 වැනිදාට ටෙස්ට් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවී වසර 38 ක් සපිරෙන්නේය. එදා සිට අද දක්වා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී මෙසේ අදහස් පළ කළේය.

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට දශක හතරකට පෙර ලොව මවිතයට පත්කළ කණ්ඩායමක්. ඔවුනගේ වේගපන්දු යවන්නන් හැඩි දැඩි ලොව වේගවත්ම පන්දු යවන්නන් පිරිසක්. ශාරීරික වශයෙන් ඔවුනගේ පිතිකරුවන්ගේ වෙනසක් නෑ.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේත් එදා පැවැති ක්‍රිකට් ක්‍රීඩාවේත් වෙනස්කම් ඇති වූයේ ජගත් ක්‍රිකට් සමුළුව ගෙනා යම් යම් නීතිරීති අනුව යැයි මා විශ්වාස කරනවා. කොදෙව් දූපත් කණ්ඩායමේ පමණක් නොව වෙනත් රටවලත් මෙවැනි වේගවත්ම පන්දුයවන්නන් හිටියා. ඕස්ට්‍රේලියවේ ජෙෆ් තොම්සන්, ඩෙනිස් ලිලී, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි ඇතුළු තර්ජනාත්මක වේගපන්දු යවන්නන් රැසක්ම වරින් වර බිහිවූවා”.

“පිතිකරුවනට මේ පන්දු යවන්නන්ට මුහුණදීම වඩාත් භයානක වූයේ එදා ශරීර ආවරණ කිරීමට තිබුණේ ඉතා අඩු ආරක්ෂාකාරී පිළිවෙතක් මතයි. එදා තිබුණේ අත්ආවරණ, පා ආවරණ සහ රහස් ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදා ගන්නා ආරක්ෂක උපකරණ (BALL GUARD) පමණයි. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. පිතිකරුවන් පන්දුවට පහරදීමට එන්නේ මුළු ශරීරයම වසාගෙනයි. හිස්වැස්ම, අත්වැස්ම, අත් ආවරණ,පා ආවරණ, කලවා පෙදෙස් ආවරණ ඇතුළු ගොඩක්.”

“එදා ඕවරයකට බවුන්සර් පන්දු යැවීමේ සීමාවක් නෑ. අද එය දෙකකට සීමා‍‍වෙනවා. එදා තණතිලි සැකසීමේ දීත් ඕනතරම් ඉපිලෙන (බවුන්ස්) තණතීරුව සෑදීමට හැකියි. ක්‍රීඩාවන්ට නීතිරීති පැනවීමේදී වාසි අවාසි දෙකටම මුහුණදීමට සිදුවනවා” යැයිද අසන්තද මෙල් පවසයි.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු පැවැති මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කරන ලද අසන්ත ද මෙල් ටෙස්ට් තරග 17 කදී කඩුලු 59 ක් සහ එක්දින තරග 57 කදී කඩුලු 59 ක් දවා ගෙන තිබේ. 

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar