slc
Home   |    News
මැයි 27, 2020
පාසල් පුහුණුකරුවන් 225 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ 45 ක්

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස් වසංගතය හමුවේ මූල්‍යමය දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින පාසල් පුහුණුකරුවන් වෙනුවෙන් සහන මුදලක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව අපහසුතාවයට පත්ව සිටින ක්‍රිකට් පුහුණුකරුවන් 225 දෙනෙකු සඳහා රුපියල් විසිදහස බැගින් (20,000) ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හරහා මෙම මුදල් ප්‍රදානය සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 45 ක මුදලක් වෙන්කොට තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණ ඇතිව මෙම කටයුත්තට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ඇත.

පාසල් ක්‍රිකට් සංගමය යටතේ මෙරට පාසල් 600 කට අධික සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන අතර ඒ අතරින් බහුතරයක් පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යනු ලබන්නේ ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේය. එම තත්ත්වය මත පුහුණුකරුවන් වෙනුවෙන් වූ වේතන ලබා දීම පාසල් වලට අසීරු කටයුත්තක් බවට පත්ව තිබෙන අතර ඇතැමුන්ට වැටුපෙන් අඩක්ද තවත් පිරිසකට සම්පූර්ණම වැටුපම අහිමි වී තිබෙන බව සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් අනුව කටයුතු කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පුහුණුකරුවන්ට සහයෝගයක් දැක්වීමටත් වඩා එය වගකීමක් බවට පත් කර ගනිමින් මෙම මුදල් පාසල් ක්‍රිකට් සංගමයේ සම්බන්ධීකරණයෙන් බෙදා දීමට කටයුතු යොදා තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest