slc
logo
Home   |    News
ජූනි 9, 2020
කාන්තා ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත් අළුත් කරයි

Sri Lanka Cricket

By Chamila Karawita

මැයි මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ සහ නැගී එන සංචිතයේ පසුවන ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා මාස 6 ක කාලයක් වලංගු වන පරිදි වාර්ෂික කොන්ත්‍රාත් අළුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව කාණ්ඩ 5 ක් යටතේ ක්‍රීඩිකාවන් 35 දෙනෙකු මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබේ. 

‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ ජාතික තලයේ පසුවන ක්‍රීඩිකාවන් 20 ක්ද නැගී එන කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් 15 ක්ද මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් ව සිටිති. මීට අමතරව නැගී එන කාන්තා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන්ට ඉකුත් වසරේදී ලබා දුන් පරිදිම ස්ථාවර මාසික ගාස්තුවකට අමතරව පැමිණීමේ දීමනාවක්ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

අදාළ කොන්ත්‍රාත් ගත කිරීම අනුව ප්‍රධානම කාණ්ඩය වන්නේ ‘ඒ’ කාණ්ඩය වන අතර වත්මන් විස්සයි-20 නායිකා චමරි අතපත්තු පමණක් ඇතුළත්වීම කැපී පෙනෙයි. ගෙවී ගිය වසරේ මෙම කාණ්ඩයට හිටපු එක්දින නායිකා ශෂිකලා සිරිවර්ධන සහ ඉනෝකා රණවීර ඇතුළත්ව සිටි අතර ඉකුත් ශෂිකලා ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර දිවියෙන් සමුගත්තාය.

ගෙවී ගිය කාල සීමාවේදී විස්සයි-20 තරග අංශයේ දක්ෂතා අතරට පැමිණීමට ඉනෝකා රණවීරට නොහැකි වීම මත නව කොන්ත්‍රාත්තුව යටතේ ඇය බී කාණ්ඩයේ පසුවන්නීය.  ‘බී’ කාණ්ඩය යටතේ ඉකුත් වසරේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකුද කොන්ත්‍රාත් ගතව සිටියද මෙම වසරේ එය 8 දක්වා වැඩි කර තිබෙන අතර ඒ අතර ඉකුත් වසර පුරාවටම පිතිකාරිණියක් ලෙස දස්කම් දැක්වූ හර්ෂිතා මාධවීද පසුවන්නීය. ඇය අවසන් වර කොන්ත්‍රාත්ගත කිරීමේදී ‘සී’කාණ්ඩයට ඇතුළත්ව සිටියාය. 

ඉකුත් වසරේදී දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් හේමන්ත දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත සිදුකරන ලද නිර්දේශ කිරීම මත මෙම කොන්ත්‍රාත් ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලදී. 

කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩිකාවන් මෙසේය. 

‘ඒ’ කාණ්ඩය – චමරි අතපත්තු

 ‘බී’ කාණ්ඩය – අනුෂිකා සංජීවනී, ඕෂදි රණසිංහ, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, සුගන්දිකා කුමාරි, උදේෂිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා, හර්ෂිතා මාධවී.

‘සී’ කාණ්ඩය – ඩිලානි මනෝදරා, ප්‍රසාදිනී වීරක්කොඩි, කවීෂා දිල්හාරි.

‘ඩී’ කාණ්ඩය – අමා කාංචනා, ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මධුෂිකා මෙත්තානන්ද, උමේෂා තිමාෂින, සත්‍යා සංදීපනී. 

නැගී එන කාණ්ඩය – මල්ෂා ෂෙහානි, ලිහිණි අප්සරා, තාරිකා සෙව්වන්දි, ජිමාංජලී විජේනායක, හර්ෂනී විජේරත්න, ශෂිකලා සිල්වා, සචිනි නිසංසලා, ඉරේෂා සඳමාලී, තාරුකා ෂෙහානි, නිලක්ෂණා සඳමිණී, රෝස් පෙරේරා, ජනාදි අනාලී, ශිකාරි නිවර්තනා, තිලිෂියා සත්සරණි, සඳුනි නිසංසලා. 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar