slc
logo
Home   |    News
ජූනි 29, 2020
21 වැනි සියවසේ විශිෂ්ඨයාගේ සම්මානය ‘මුරලි’ට

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩාවේ ‘බයිබලය’ ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ ක්‍රිකට් මාසික සඟරාව විසින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් නම් කර තිබේ.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රික්විස් සමඟ එක්ව 21 වැනි සියවසේ හොඳම ක්‍රීඩකයින් 30 දෙනා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා දකුණත් පිට දඟ පන්දු යවන්නා වෙනුවෙන් වෙන්වී තිබේ.

“අපි 2000 වසරේ ඉඳලා දත්ත එක් රැස් කරලා තියෙනවා. ඒ නිසා මේ ලැයිස්තුව 2000 වසරේ සිට 2020 වසර වන තෙක් වූ කාල පරිඡේදය සඳහායි” යැයි විස්ඩන් ක්‍රිකට් සඟරාවේ අළෙවිකරන අධ්‍යක්ෂක සෑම් ස්ටෝ සඳහන් කර සිටියි.

මුරලිදරන් දවාගෙන තිබෙන කඩුලු 800 න් 573 ක්ම දවාගැනීමට සමත්ව ඇත්තේ 2000 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 2010 දක්වා කාලය තළ වන අතර ඒ සඳහා ක්‍රීඩා කොට ඇත්තේ තරග 85 කට පමණි. එහෙත් එම කාල වකවානුව තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමට සමත්ව ඇත්තේ එංගලන්ත පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් වන අතර ඔහු කඩුලු 584 ක් දවා ගෙන තිබේ. එහෙත් එකී කාල සීමාව තුළ ඇන්ඩර්සන් ටෙස්ට් තරග 151 කට ක්‍රීඩා කර තිබීම හේතුවෙන් මෙම සම්මානය මුරලිදරන් වෙත පිරිනැමීමට හේතු වී තිබේ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 133 කට ක්‍රීඩා කර ඇති මුරලිදරන් කඩුලු 800 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. ලොව කඩුලු 800 සීමාවට පැමිණි එකම පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ මුරලිදරන් වන අතර ඔහුගේ සමුගැනීමේ තරගයේදී කඩුලු 10 ක් දවා ගනිමින් එම අභියෝගය සපුරාලීමට සමත්වූයේය. ටෙස්ට් අංශයේ මෙන්ම එක්දින අංශයේද ලොව වැඩිම කඩුලු ලාභියා බවට කිරුළු පළන් සිටින මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමස්ථ කඩුලු 1354 ක් බිඳ හෙළමින් ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළා ඇති පන්දු යවන්නාගේ වාර්තාවටද හිමිකම් කියමින් සිටියි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest