slc
Home   |    News
ජූලි 27, 2020
ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

Sri Lanka Cricket

දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. 

සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා කණ්ඩායම් 05 සහභාගි වන අතර එම කණ්ඩායම් නම් කිරීම සිදු වන්නේ කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය නගර මුල් කර ගෙනය. 

තරගාවලිය සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළ පුහුණුකරුවන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළු ක්‍රීඩකයන් තරගාවලියට එක් වීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ජුලි 30 වැනිදායින් අවසන් වන අතර තරග කාලසටහන ඉන් අනතුරුව නිකුත් කරනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest