slc
logo
Home   |    News
අගෝස්තු 18, 2020
දෙවැනි දින අවසන් වන විට ශතක 2 ක්

Sri Lanka Cricket

සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සමගාමීවම ක්‍රියාත්මක ප්ලේට් තරග වටයේ දෙවැනි දිනය වූ අද (17 දා) තරගය නිමා කරන විට කැපී පෙනෙන ඉනිමක දියත් කළ ලන්කන් ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි ලකුණු නොදැවී ලකුණු 151 ක් ලබා සිටියි. පන්දු 84 කින් සමන්විත වුණු රුවන්සිරි ප්ලේට් තරග වටය යටතේ පිට පිටම රැස් කරන ලද දෙවැනි ශතකය ලෙසින් මෙය සටහන් වේ.

පන්දු 84 කට පමණක් මුහුණ දුන් එම දැවැන්ත ඉනිම සඳහා ඔහු හයේ පහර 7 ක් සහ හතරේ පහර 15 ක් එල්ල කළේය. ඔහු තරගාවලියේ පළමු තරග වටයේදී මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 124 ක් ලබා ගැනීමට සමත්විය.

රුවන්සිරිගේ ඉනිම ප්‍රධාන කොට එස්. එස්. සී. පිල සියලු දෙනා දැවී රැස් කරන ලද ලකුණු 332 ක ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑඹ සඳහා තවත් අවශ්‍ය වන්නේ තවත් ලකුණු 24 ක් පමණි.

මෙම තරගයේදී එස්. එස්. සී. සී. පිල වෙනුවෙන් දසුන් ශානක ලකුණු 112 ක් රැස් කර ගැනීමට සමත්වූවේය.

රුවන්සිරි පිට පිට දෙවැනි ශතකයත් ලබයි

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 76දී සියලු ක්‍රීඩකයන් දැවී 332 – දසුන් ශානක 112, ෂම්මු අෂාන් 54, සඳුන් වීරක්කොඩි 32, නවිනිඳු ප්‍රනාන්දු 22, කේෂාන් විජේරත්න 93/3, දුනිත් වෙල්ලාලගේ 97/3)

ලන්කන් පළමු ඉනිම පන්දුවාර 93 කදී ලකුණු කඩුලු 5 ට ලකුණු 308 යි – (චානක රුවන්සිරි 151*, ගීත් කුමාර 50, ප්‍රිමෝෂ් පෙරේරා 34, ළහිරු ඩිල්ෂාන් 18, කලන පෙරේරා 41/3, ජෙෆ්රි වැන්ඩර්සි 93/2)

මුවර්ස් – ටැමිල් යූනියන්

ධනංජය ශතකය ආසන්නයේ

මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සමත්විය. ඔහු මුවර්ස් පළමු ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 59 කදී බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාට අමතරව පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 95 ක් ලබා ශතකය අභියසට පැමිණ සිටියි.  

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 71.2 දී ලකුණු 206යි(නිපුන් කරුණානායක 44, දිනුක දිල්ෂාන් 43, මොහොමඩ් ෂමාස් 23, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 59/7, ඉසුරු උදාන 21/1යි)

ටැමිල් යූනියන් පන්දුවාර 52 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (ධනංජය ද සිල්වා 95*, රන්මිත් ජයසේන 18, මනෝජ් සරත්චන්ද්‍ර 19, ඉසුරු උදාන 15, ප්‍රවීන් ජයවික්‍රම 53/5, රමේෂ් මෙන්ඩිස් 39/3)

මුවර්ස් දෙවැනි ඉනිම කඩුල්ලකට ලකුණු 20 යි.

මීගමුව පළමු ඉනිමේ ඉදිරියට

අවසන් වරට පැවැති තරගයේදී ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරන ලද මීගමුව ක්‍රීඩා සමාජය මෙම තරගයේදීද පළමු ඉනිමේ පෙරමුණ පැමිණීමටසමත්ව සිටියි. බදුරලිය ක්‍රීඩා සමාය ලබා දුන් ලකුණු 267 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කර මීගමුව කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර (91), මාධව වර්ණපුර (72) සහ ඇන්ජලෝ ජයසිංහ (66) අර්ධ ශතක වාර්තා කළහ.

බදුරලිය පළමු ඉනිම පන්දු වාර 84.5දී සියලු ක්‍රීඩකයන් දැවී 267 යි – (සළින්ද පෙරේරා 51, දුනිත් ජයතුංග 57,දමිත් පෙරේරා 43, තිලකරත්න සම්පත් 28, දුෂාන් හේමන්ත 22, යශෝෂ ලංකා 22, උපුල් ඉන්ද්‍රසිරි 65/5, ලක්ෂිත මුණසිංහ 65/3)

මීගමුව පළමු ඉනිම පන්දුවාර 92.5 කදී කඩුලු 7 ට ලකුණු 328 යි – (ඩිල්ෂාන් මුණවීර 91, අෂේන් සිල්වා 30, ඇන්ජලෝ ජයසිංහ 66, මාධව වර්ණපුර 72, රොස්කො තටිල් 33, දුෂාන් හේමන්ත 61/3, බුද්ධික සංජීව 84/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee